.....අවසානයට......පෙර!!

4K 660 563
                                    

චුයික්.....චුයික්....චුයික්....චුයික්......

කහපාට කුකුල් පැටව් පෝලිමයි.....ඒ ඔක්කොගෙම ඉස්සරහින් පියෝනියා යනවා.........

සංධීර් වගේම මම කෙලිම්ම ආවෙ අපේ ගෙදරට වෙනකොට හැමදාම වගේ එයාගෙ ජීප් එක පාරෙ අයිනෙ නැවතුනා.......කලින් තිබුන පියන් දෙකේ ගේට්ටුව වෙනුවට දැන් තිබුනෙ අදින ගේට්ටුවක් වෙනකොට හොරුන්ට උනත් නැට්ට වනන අපේ මෝඩ ජිමියා සංධීර්ගෙ වාහනෙ සද්දෙ මටත් වඩා අදුනනකොට මූ උන්න තැන කොහෙ උනත් සද්දෙ ඇහුනත් එක්කම දූවගන ඇවිත් ගේට්ටුවට අත් දෙක තියන් ඇලුමීනියම් පටි වලින් හොම්බ එලියට දාන් නගුට වන වන නහින්න ගත්තා.....

අ...ආ...නේ.....ය්ය්..යකො......ම්ම්..මට........වඩා....ද්..දැන්....ල්ල්..ලොකු..බ්බ්...
බෑනවනේ.......

පොඩි ගේට්ටුව ඇරපු මම මාව තඹේකට මායිම් නොකර සංධීර් ගෙ ඇගේ එල්ලුන ජිමියට බනිනකොට තාත්තගෙ නාකි බෑනා මහ කපටි හිනාවක් දල මා දිහාවට හැරුනා....

පොලොස් හට්ටියෙ රස තමා මේ.......

ය්ය්...යෝහ්.....ස්...ස්..සංජීර්........හ්හ්..හිටපන්....අ..අම්ම්ට....ක්ක්....කියන්න ..එ..එදා.....ග්ග්..ගෙට....ප්ප්..පැනපු....හ්හ්..හොරා.....උ..උඹ....කියලා............

මට හිනා ගියා...මගෙ සංධීරුත් හිනා උනා.......කාගෙත් ඇස් වලට වැලි ගහලා අම්මගෙ පොලොස් හට්ටියම බල්ලට දාලා ගෙට ඇතුල් උන හොරා මොකාද කියන්න අදටත් කවූරුත් දන්නෙ නැති වෙනකොට අනේ....ඒ හොරාට අපේ තාත්තා කට පුරාවටම නාකි බෑනා කියලා කිව්වා..............

අදක ඊයෙක වගේ.......ඒ හැම දේම වෙලා...අදක ඊයෙක වගේ................එත්....ඒකාලෙ මම ඉස්කෝලේ යනවා......අද.....අද මට අවුරුදු විසිපහක්......

ඉලන්දාරියෙක් කියන්න බෑ.....ඉලන්දාරියෙක්‍ට වෙන දේවල් වලට වඩා හුගාක් දේවල් වලට මම මූන දුන්නා.........මගෙ ජීවිතෙ තනිකරම සුනාමියක් වගේ උනා.................හැලහැප්පිම් වල නිමක් නැති උනා......
සමහර විට...මගෙ දෛවයට පොඩි කාලෙදි මම සතුටින් ඉන්නවා බලන්න ආසාවක් නැතිව යන්න ඇති   ............

..ඇබිත්තම........

ජිමියව හුරතල් කරපු එයා තවමත් මිදුලෙ උන්න මා දිහ බලන් උන්නා......මට කතා කෙරුවා ......ඇබිත්තම.....ඒ නම දැන් හරියන්නෙ තවත් ඇබිත්තම් කොලුවෙක්‍ට  උනත් ...එයාගෙ ඇස් වලට තවමත් මාව ඇබිත්තමට පේන හින්දා එයා එදා තිබුන හැගීම් වලිම්ම.අදත් මට ඇබිත්තම කියනකොට මම එයාගෙ මූනට හාදුවක් දෙන්න ඇගිලිවලින් ඉස්සුනා...හැබැයි......හාදුව දෙන්න ඉස්සුන මට සිද්ද උනෙ හොදට තිබුන ඇහැට පිඹින්න....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now