69 වන කොටස...

2.4K 698 324
                                    

අකිල.....

න්න්..නෑ..නෑ...අ..අම්මෙ....එච්චර .....න්න්..නෑ...

අම්මා හිතුවෙ මම උල ඇගේ ඇනන් කියලා ...කොහොම උනත් මම උන්නෙ සංධීර් හින්දා හෙම්බත් වෙලා වෙනකොට අඩන්න ඕනා උනත් අඩාගන්න බැරි කමට  මම තුවාල උන අත දිහා බලාගන තාත්තට කෑ ගහන අම්මා දිහා බලාගන එච්චර නෑ අම්මෙ කියලා ඇහෙන නෑහෙන ගානට මුමුනන් මම දනහිස් අස්සෙ ඔලුව ගහගත්තා ......

ඇයි......මොකද

අනේ අකිල නේ කොල්ලා උල ඇනගනනෙ

යෝහ්....කෝ. ...බලන්ඩ...සංජාන....කොල්ලා.....පෙන්නපන් බලන්ඩ.....

ත්ත්...ත්ත...

කොහෙටද ඇනගත්තෙ....තනුසෙටත් පිස්සුනෙ ඕයි පොල්ගෙඩියක් ලෙලි ගහන්ඩ ඕනා නම් මට  කියන්ඩ එපැයිනෙ මූ ආවෙත් හෝන්දු මාන්දු වෙවි ..කෝ..පෙන්නපන් තාත්තට....

තාත්තා ඒ අස්සෙන් අම්මට කෑ ගැහුවා...වෙනදට මාව හුරතල් කරනවා කිය කිය බනින තාත්තා අද පොල් ගෙඩියක් ලෙලි ගහන්න දුන්නා කියලා අම්මව මරන්න යනකොට මම නැගිටලා හිටගන මගෙ අත දිහා බැලුවා....

දකුනු අතේ මැදැගිල්ලයි වෙදැගිල්ලයි මැදින් ඉරිලා ගිහින් වගේ තිබුනා......ඒ ඇරෙන්න ලොකූ දෙයක් නොතිබුන මම කෑගහන තාත්තා දිහාට අත පෙන්නුවා....

ත්ත්....ත්තා...ත්තෙ....එ...එච්චර .....අ...අවුලක්....න්න්..නෑ....

කෝ බලන්ඩ...මම එකයි ලෙලි ගහන්ඩ කිව්වෙ........කව්ද ඔක්කොම ලෙලිගහන්ඩ කිව්වෙ.....

පෙන්නපන් .....

එලියෙ හිටන් උන්න මම වැනි වැනි ගිහින් කුසියෙ ඉදගන්නකොට තාත්තා මගෙ අත අරගන බැලුවා...අම්මා එකක් නැතුව පොල් ගොඩම ලෙලි ගහපු වරදට ඉවරයක් නැතුව බනිනකොට ඉදල ඉදලා අම්මට බනින්න ගන්න තාත්තා අම්මගෙ මලකරච්චලේ කියලා අනිත් පාර අම්මට බනින්න ගත්තා ....වැඩිය කියවන්න්ව් නැති අම්මා මට මොකක් හරි උනොත් කියවන්න ගත්තම ඒක හිසරදයක් වෙනකම්ම කියවන්න ගන්න එක සාමාන්‍ය දෙයක් උනත් මට මොකක් හරි ලොකු දෙයක් උනා කියල බය වෙලා උන්න තාත්තට අම්මගෙ කියවිල්ල ඉවසන්න අමාරු උනා...

අශාන්‍යා ...දෙයියන්ගෙ නාමෙට පොඩ්ඩක් කට පියන් ඉන්නවකො...මුගෙ ඇගිල්ල ගාව යන්නත් තුවාල වෙලා තියෙන්නෙ...තමුසෙටත් ලෙලි ගහන රෙද්දක් ඇහැ කන පේන වෙලේ ලෙලි ගහන්න දෙන්න බෑ......උනාට පස්සෙ කියවන්න එනවා....තාත්තගෙම හොර කට තමා ගිහුන් තියෙන්නෙ....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now