28වන කොටස

2.9K 743 287
                                    

සංජාන....මගෙ නම සංජාන කියපු මම ආය එකම විනාඩියක් වත් නොයිදම එන්න ආවා.....

ආවා....නෑ....නෑ.....ආවෙ නෑ දිව්වා....ඔක්කොටම කලින් බලන්න ඕනා මරනීය දන්ඩනේ ක්‍රියාත්මක කරලද නැද්ද කියලා .....??කෑම ගෙනත් දෙන්න ආවම සාමාන්‍ය දැනීම අහනවනෙ...මේ මොන මගුලක්ද මේ?.....

ගේට්ටුව ගාවට ඇවිත් මම ආපහු ගේ දිහා බැලුවා.....

මුස්පේන්තු පාටයි.......ඌත් මුස්පේන්තුයි..............පිලිවලකට ඉන්නෙම නෑ වගේ .........

මම තනීයම ගේ දිහා බලාගන හිතින් බැන බැන ඉදලා එයා දුන්න පන්දහේ කොලේ අරන් පොඩ්ඩක් ඈත් කරලා බැලුවා  

හොර නෝට්ටුවක්ද කව්ද දන්නෙ...අනික...පන්දහකට හරියනකන් කන්න දෙන්න කිව්වා.......වේල් කීයද කන්ම පුලුවන්....එක්කෝ උයාගන කන්න ඕනා ...

නෑ ඒයකා උයන් කන්න ගියෝතින් අපේ අම්මටනෙ පාඩු වෙන්නෙ   අම්මට කොයන්න උනෙ මුගෙ කෑම එකය අජිනමොටෝ හලන්න කියලා එතකොට රහ වැටෙනවනෙ.....

නෑ එක්කො ඕන් නෑ......පව්........කනවා නම් කයි ..නැත්තන් වෙන කඩේකින් ගෙන්නගන කයි......ඔක්කොමත් හොදයි මුස්පේනුතුවා ටොපි කොලේ අල්ලන්න ගියහමනෙ සද්දෙ දැම්මෙ මහ පුදුම මිනිහෙක් තමයි....රුපියල් දෙකේ ටොපිකොලයක් හින්දා යකා නගින එකෙක් දැක්කමයි...හිටපන්කො තව දෙපාරක් තුන්පාරක් කෑම ඇදලා රටේම තියන ටොපිකොල උස්සන් ඇවිත් උඹගෙ ඔලුවට හැලුවා.....

කොච්චර උනත් කතා කරගන්න බැරි උනත්......පොඩ්ඩ බැරි වෙනකොට බය වෙනවා උනත්......හිටපු ගමන් යකාට වගේ තරහා යන මම කටින් බනින්න බැරි හැම වෙලේම හිතින් නම් පුලුවන් තරමට බැන්නා........ටොපිකොලයක් හින්දා අලුත් කස්ටර්මර් ගෙන් නිස්කාරනේ කතාවක් අහගත්තු මට හිතට පොඩ්ඩක් හරි නැති වෙනකොට මම ගෙදර ඇවිත් සයිකල් එක පැත්තකට දාල අම්ම දකින්න කලින් කකුල හෝදන් වෙන කලිසමක් දාගන්න දිව්වා....

අම්මා දැක්කොත් රෝදෙ දෙකෙ සයිකල් එක අයින් කරලා මට රෝද තුනේ හිරමනයක් වගේ අර පොඩි බයිසිකලයක් අරන් දෙනවා...එහෙමට කෙනා අපෙ අම්මා....

ලමයෝ.........

ඇ...ඇයී......ඔය සල්ලි....ම්ම්..මේසෙ උඩ......උ..ඌට.....ඕකට....ම...හරිය..න්ඩ.....ක්ක්...කන්ඩ....ද්දෙ...න්ඩ කිව්වා.......

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now