55 වන කොටස....

3.1K 719 277
                                    

මම ආයම ඇවිත් අර මේසේ ගාවින් හිට් ගත්තා......සංධීර් අර පොඩි එකාගෙන් ප්‍රශ්න අහනකොට මම බලාගන අර පරඩැල වගේ උන්න ගෑනු කෙනා ඉහලට හූල්ල හූල්ල අඩනවා.....

ගෑනු කෙනාගෙ අතේ වරදක් තියනවද නැද්ද     .....

දැන් හුගක් දවස්ද අක්කියව අරන් ගිහිල්ලා.......

.....ම්ම්ම්.....

කොච්චරද ??

තැලුම් පාරවල් තිබුන මූන දිහා බලන් උන්න මම ආයම සංධීර් දිහා බලනකොට අනේ අර කොලුවා හුගාක් දවස් කියලා පෙන්නන්න අත් දෙක දික් කෙරුවා .හරියටම අපි ආදරෙයි මහ ගොඩාක් කියලා අත් දෙක දෙපැත්තට කරනවා වගේ   

අ...අරයට....ව්ව්   වතුර ට්ට් ..ටිකක් දෙන්න...බැරිද.....

.මට බලන් ඉන්නම බැරි තැන සංධීර්ට කතා කරන කෙල්ලගෙන් වතුර ටිකක් ඇහුවා ...අනේ මන්දා දවස් ගානකින් කාලා නැද්ද කොහෙද .......

ම්ම්..මට...ක්ක්..කියන්න පුලුවන්ද ....ඔයාගෙ...ද්ද් ...දුවගෙ..ව්ව්..වයස කීයක්ද කියලා....

මම ඔලුව කැසුවා ...අහන්න දේවල් මහ හුගක් කටට ආවා උනත් මගෙ ගොතේ හින්දා එයාලට තේරෙන්නෙ නැති වෙයි කියන හේතුව හුගාක් තැන්වල මාව අසරන කරනකොට මම වයස ඇහුවා... 

.

..දා..හතරයි......

දාහතරයි......අර මල කද ඒ වයස වගේ තමයි....මට දැන් අහන්න දේවල් ගොඩයි...සංධීර් මොකුත් කියන්නෙ නෑ...ඒත් එයාට මා ගාවට එන්න බෑ එයත් ඉන්නෙ අර ළමයා එක්ක.....පොඩි උන් කවදාවත් බොරු කියන්නෙ නෑ....

..ටොපි ගෙනත් දුන්නා..කව්ද පුතාට ටොපි ගෙනත් දුන්නෙ?අතනින් මොන එක්කෙනාද......

සංධීර් ගාව උන්න ලමයා පොඩ්ඩ පොඩ්ඩ කතා කරනකොට අර මිනිහා එහාට වෙනවා මෙහාට වෙනවා....වෙව්ල වෙව්ල උන්න එකා එක පාර වෙව්ලගන ඇකිලුනා වගේම ඌ පොඩ්ඩක්..අනේ...පොඩ්ඩක්...ගගා වේව්ලන්න ගත්තා....

.ඌට සික් එක හැදුනා.....

ඌ කුඩු කාරයෙක්......ඌ ගංජා කාරයෙක් ....තැම්බිලා ඉන්න විදිහෙන් මම හිතා ගත්තා..අරක්කු නැතුව වෙව්ලනවට හපන්  කුඩු නැතුව් වෙව්ලන එක වෙනකොට අරූ අනේ පොඩ්ඩක්...පොඩ්ඩක්...පොඩ්ඩ්ක් ගගා මීමැස් මොරේ හැදුන එකා වගෙ දගලනකොට සංධීර් හැරිලා බැලුවා.....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now