09 වන කොටස....

3.1K 766 332
                                    

මොනවද බොන්නෙ.....

බොන්න බෑ බන් මං ඩියුටි යන්න ඕනෙ.....

උදාන උඹට....

බඩ දනවා...පුලුවන් නම් මට කෝමරිකා මදයක් බ්ලෙන්ඩර් කරලා දියන්.....

යෙවීන් ....ඔයාට.....ඔයාට මොනවද ඕනෙ....

මාව ළඟ තියන් උන්න නලුවා හැමෝගෙම්ම මොනවද ඕනා අහනකොට මම අර කලු පාට ඇදන් උන්න එක්කෙනා කිව්වා බොන්න බෑ එයාට ඩියුටි කියලා ...සමහර විට එයාද දන්නෙ නෑ රොබින් කුරුල්ලා.....බැට් මෑන් ගාවම ඉන්නෙ එයානෙ....ඒත් අනේ...රොබින් කුරුල්ලා අදින්නෙ මේ පාට නෙවෙනෙ....කහ නිල් නේද.....

වෙන්න බෑ...ඒ ඉතින් කාටුන්වලනෙ...අපොව රවට්ටන්නනෙ....ඇත්තටම කලු ඇන්දොත් අපි එයාලව හොයා ගන්නවනේ...ඒක හින්දා වෙන්න ඇති ......ඒක තමයි......

රොබින් කුරුල්ලට මොකුත් එපා කියනකොට අර යහපත් මූනක් තිබුන එක්කෙනා නම් එයාගෙ බඩ දනවා කියලා කෝමාරිකා ඉල්ලුවා...අනේ පව් නේද......එයාට තිබුනෙත් හරි අහින්සක හරි දුක හිතෙන මූනක්...පව්.......නලුවා වගේ වත්....රොබින් කුරුල්ලා වගේවත් නපුරු පාට මූනක් නෙවෙ.......එයාට කෝමාරිකා දෙන්න ඔලුව වනපු නලුවා මා දිහා බැලුවා..

අනේ...ඉතින්.....මට ආස කරන ඒවා කොහොමද කියන්නෙ...එයාගෙ ෆ්‍රිජ් එක ඇතුලෙ හුගාක් ජාති තිබ්බා.......ඒත් අපේ බාප්පා කිව්වනෙ මූට කූල් ජාති රෑට පොවන්ඩ එපා  කියලා ..මහ හොද නෑ...දැන් ඉතින් නලුවා මට  ඔය ෆ්‍රිජ් එකෙන් මොකුත් දෙන එකක් නෑ......එක්කො ඉල්ලලා බලනවා...එයාට අපේ බාප්පා කියලා ගිය දේ දැන් මතක නැතුව ඇතිනෙ......

මම රොබින් කුරුල්ලා දිහායි...යහපත් මාම දිහායි බලලා හිමීට නලුවා දිහා බැලුවා...එයා මා දිහා බලාගන ඉදල ඇස් දෙක උඩ ඇරියා.....හරියටම මොනවද කියන්න වගේ.....

ම්ම්ම්ම්.....නායිස්.....ඇස් වලිනුත් කතා කරනවා............රේප් කේස් ගැන කතා කරන්න කලින් බාලාපචාර ගැනත් නඩුවක් ෆයිල් කරන්න තිබ්බා නම්....

ඇත්තටම උඹට සාපද බන්...මේ කොල්ලා ඉන්න තැන ඔව්වා කියන්නෙ....?

මම උනෙ මයිලෝ එකක් කියලා කියන්න කට හද හද.....කියන්න කලින් වචන එකතු කරගන්න මම ඔලුව චුට්ටක් වනන එක වෙනකොට මම ඉල්ලන්න හදන්න යන්නෙ මොනවද කියලා බලන්න මගෙ මූන දිහා බලාගන ඉන්නකොට රොබින් කුරුල්ලා මොකාක්..හරි යම් දෙයක් කිව්ව...හැබැයි නලුවා ඒකට නම් රොබින් කුරුල්ලට සැර උනා....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now