19වන කොටස...

2.5K 709 160
                                    

සංධීර් ......අයියෝ....මේ යකා.......හ්...

මම බය වෙලා වගේ අහන් උන්නා...අනේ සංධීර්ට කරදරයක්......අනේ...අපේ සංධීර්ට කරදරයක්.......

හිතේ වේදනාවෙන් බයෙන් උන්න මට තවත් වේදනාවක් ......බාප්පා ඔලුව අල්ලගන අයියෝ....අයියො....හ් ගගා  ඔලුවට  ගගහා   එහාට ගියා මෙහාට ගියා....අවසානෙදි  එයා කාට හරි කෝල් එකක් ගත්තා......

.........කෝල් එකක් ගත්තම ආන්ස්වර් කරන්නෙ නෑනෙ...මැරිලද මන්දා.........කාලකන්නි

....................

හෙලෝ......හෙලෝ...අයියෙ...කොහෙද උඹ ඉන්නෙ....

...........

හෙලෝ.....අයියෙ......කොහෙද ඉන්නෙ උඹ...........මේ ලමයා ගාවට...හෙ....හෙලෝ......හෙලෝ....
මූට මෙ පාන්දරත් කෙලින් කටින් ඉන්න බෑ........ඔක්කොම එකයි...........

එයා කතා කරලා.තියෙන්නෙ තාත්තට......තාත්තා අරක්කු බීලා වගේ.......ඒක තමයි කෙලින් කටින් ඉන්න බෑ කිව්වෙ.....බාප්පා කෝල් ගන්නවා ගන්නවා....ඒත් කවූරුත්ම කතා කරන්නෙ නැද්ද කොහෙද .....එයා එහාට යනවා මෙහාට යනවා....ආයම කෑ ගහනවා  මම ඕකට කිව්වා...මම ඕකට කිව්වා ගගා....අනේ සංධීර්ට කරදරයක්ද.....එයාගෙ ගේ  ගිනි තියලලු.....එයා ඇතුලෙ ඉදල කියලා කියන්නෙ...

අනේ සංධීර්........ඔයාට මොකුත් වෙලා නෑ නේද  නලුවො..........ඔයාට මොකුත් වෙලා නෑනෙද.....?

බාප්පගෙ සමහර වචන එක්ක මගෙ පපුව ගැහෙන්න ගත්තා....බාප්පා කාට කාට හරි  කෝල් කර කර ලමයා ළමයා ගෑවා...එයාට මාව දාලා යන්න බෑ...එයාට මාව තනියෙන් දාලා යන්න බැරි හන්දා  කාට කාටද ගත්තා...ඒත් ඒ කවුරුත් බාප්පගෙ වචන වලට කැමති උනේ නැද්ද කොහෙද ......

ඇත්ත...යෙවීන්ට කව්ද ආස........

මම කදුලු පුරවන් බලන් ඉන්නකොට  මෙච්චර වෙලා ඵෝන් එක කනේ ගහන් උන්න බප්පා මා ගාවට ආවා......

යෙවීන් ....වරෙන් පුතේ යන්ඩ.....එක බල්ලෙක්ට බෑ අසරන වෙන වෙලාවට  උදව්වක් කරන්න ....

බාප්පා මාව වඩා ගත්තා....ඇගට අන්දලා තිබුන ඇදුමවත් මාරු නොකරම බාප්පා මාව වඩාගන ඊට එහා මොකුත් නොගෙනම හිතු මනාපෙට  මාව වඩාගන එලියට දිව්වා.....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now