72 වන කොටස...

2.9K 682 214
                                    

සංධීර් හිනා උනා   දත් පේන්නෙ නැතිවෙන්න ....හැබැයි ඒක නොන ජාතියෙ හිනාවක්ද කියන්න දන්නෙ සංධීර්ම විතරයි...මොකද ඒ හිනාව ඒතරම්ම සීතලයි....ඒ තරම්ම නපුරුයි......

එයා මොනවා කරයිද...කාගෙ බෙල්ලක් කඩයිද කියන්න දන්නෙ  උඩ ඉන්න දෙයියොම තමයි....ඒත්...සමහර වෙලාවට උඩ ඉන්න දෙයියන්ටත් කියන්න බැරිව ඇති......

ස්ස් ....සංධීර් ....

ම්ම්.....

ස්ස්  ...සෙව්වන්දිට....ම්ම්ම්...

මොනවා වෙලා ඇති කියලද හිතන්නෙ.....

එයා බල බල උන්න පොත නොවහා අනිත් අතට නැවුවා..නවලා එයාගෙ එක කකුලක් ඉඩ ඉදන් උන්න මාව එයා උස්සලා වගේ අරන් හරහට ඉන්දව ගත්තා......මගෙ අඩු දෙක පුටු පත්තෙන් පහලට එල්ලෙනකොට එයා මාව එක අතකින් අල්ල ගත්තා....ඉන වටේ පැටලුන එයාගෙ අතෙ පිට අල්ලෙ තැන් තැන්වල සීරුම් පාරවල් තිබුනා...ඉස්සර මේ අත්වල එක ලපයක් වත් තියෙන්න නැතිව යන්න ඇති....ඒත්....අද....ඒ ඇගෙ ලපයක් නැති තැනක් හොයන්න නැති තරම් ......

මම එහෙම්ම වයසට ගිහින් උන්න සංධීර් දිහා බැලුවා ...සුදු පාට කෙස් ගහක් කලුකෙස් ගස් අස්සෙ මහ ලොක්කා වගේ හිටන් ඉන්නකොට මම තවත් සුදු පාට කෙස් ගස් දෙක තුනක් තැනින් තැන හිටන් ඉන්නවා දැක්කා....

මට තේරෙන්නෙ නෑ...තාත්තගෙ ඔලුවෙත් තැනින් තැන  සුදු කෙස් ගස් තියනවා......ඒත් මට කවදාවත් සංදීර්ගෙ ගාවදි ඒ දැනුන අමූතු දුක තාත්තා ගාවදි දැනුන් නෑ...මට කවදාවත් තාත්තා වයසට යනවා කියලා හිතුන් නෑ...ඒත්....සංධීර් වයසට යනවා කියන එක මට හැමදාම ඒ කෙස් ගස් මතක් කෙරුවා ..............

මම එහෙම්ම එයාගෙ මුන දිහා බලන් ඉදලා පිස්සිගෙ පලා මල්ල උන මේසෙ දිහා බැලුවා....රතු පාට අකුරු පිරුන කොල නැති තැනක් නෑ......වැල් වැල් ඉන්ග්‍රීසි අකුරු වලින් මොනව ලියල තියනවද කියලා හිතා ගන්න බෑ....

නීතීඥ්ඥයන්ගෙ සංගමය...නීති පීඨය...නීති විද්‍යාලය.........නීති කෙටුම්පත...දන්ඩ නීති සංග්‍රහය.....

ඒ මේසෙ වහගන උන්නා...සමහරක් තැන්වල පත්තර කෑලිපවා තිබුනා...ඒවා අදක ඊයෙක නෙවෙ...හැබැයි......ඒ එකක් වත් විසදුම් ලැබුන ප්‍රශ්න තිබුන පත්තර කෑලිත් නෙවෙ...සේයගෙ නම පවා තිබුන පත්තර කෑල්ලක් තිබුනා.....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now