11 වන කොටස

3K 759 296
                                    

මම ඇහුවා එයාගෙන් මගෙ දත් ඒවි නේද කියලා .....එයා මා දිහා බලන් උන්නා........රොබින් කුරුල්ලගෙ මූන පුරාවටම පොඩි පොඩි රැවුල් කොටත් වැවිලා.....එකාට දුක ඇති....එක්කො මගෙ දත් ආය කවදාවත් එන්නෙ නැතිව ඇති.......

මම මගෙ සීරුම් පාරවල් තිබුන අත් දෙක දිහා බැලුවා....

මොනා කරන්නද ...දත් එන්නෙ නැත්තන් ......ඒ කොහොම උනත්...දත් ආවෙ නැත්තන් හොදයි    එක අතකට......දත් තිබ්බමනෙ අරුනි අක්කා බනින්නෙ " උඹට කට පන නැද්ද හයියෙන් හපලා කාපන්කො කියලා ...." දැන් ඉතින් මගෙ කට පන නෑනෙ........

මම එයා දිහා බැලුවා ...රොබින් කුරුල්ලා  මගෙ ඔලුව අත ගෑවා....

ක්ක්..කමක්...න්න්...නෑ.....දත්...ආ...වෙ...න්න්..න්න්න්...නැතුවට.......ඒ...ඒ ...ඒ...ත....එත ....කොට..අ...අ....අරුනි...අක්...

මට මහන්සී.......මට එච්චර දුරට කියා ගන්න බැරි උනා ..මගෙ කටම කැක්කුම හැදුනා.....යටි තොල උඩ මොනවා හරි බරක් එල්ලලා වගේ.......මම කියන්න හදපු දේ මගින් නවත්තලා ඔහේ උන්නා....

ඔයාගෙ දත් එනවා ඇබිත්තමෝ.......දත් එන්නෙ නැතුව තියෙනවද....මේ චූටි මූනට  දත් නාවොත් කැතයිනෙ......

..............

එයා කිව්වා මගෙ දත් එනවා කියලා ...මෙච්චර ගොඩක් එකපාර ගැලවිලත් එනවා කියන්නෙ........එහෙනමේක ලෝක පුදුමයක් තමයි.....එක්කො රොබින් කුරුල්ලා  මගෙ හිත හදන්න බොරු කියනවා ඇති නේ...... ..

ඔයාට රහසක් කියන්නද     හැබැයි ඉතින් කාටත් කියන්ඩ බෑ... හරිද   .අර එහා ඇදේ ඉන්න එකාටවත් බෑ ආ....

මේන් බලන්නකො මෙයා...... මෙයත් අහනවා රහසක් කියන්ඩද කියලා .....හරි වැඩේ  ..දැන් බැට්මෑනුත් රහසක් කිව්වා..මෙයත් කියනවා....යහපතත් ඇවිත් කිව්වොත්.....රහස් තුනයි.....බාප්පා....සුදු බාප්පා නම් රහස් ගුහාවක්නෙ.....ආච්චම්මා බනින්නෙම එහෙමනෙ...උඹ ඔක්කොම හංග හංග හොර රහසෙ කරපන්කො කියනවනෙ....ඒ උනාට අපේ සුදු බාප්පා ආච්චම්මව ගනන් ගන්නෙම නෑනෙ...ඇහුනා නෑ හුනා වගේ යනවනෙ........ඒත් ඉතින් යෙවීන්ට එහෙම බෑනෙ...හිටු කිව්වොත් හිටපු තැන උන්නෙ නැත්ත  පොල් කොලයල් නවලා ගන්නවනෙ.......

මම ලොකු හුස්මක් අරන් එලියට දැම්මා.....රොබින් කුරුල්ලා කිව්වා රහසක් කියන්න තියනවලු හැබැයි සංධීර්ට කියන්න එපාලු....සංධීර්.....එයාට කව්ද දන්නෙ නෑ ඒ නම දැම්මෙ....යෙවීන්ට වගේ අම්මයි බාප්පයිද දන්නෙ නෑ....එයාටත් සයන්නක් තියනවා....මටත් නමට සයන්නක් තියනවා.......ඇයි අපේ බාප්පට......නෙහාන් සධීර............ඇයි අපේ   තාත්තට. ...රෙහාන් සුධීර.......සයනුම කොච්චරක්ද ...........සංධීර්........සංජාන...
හරි ලස්සනයි අප්පා......

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now