37 වන කොටස

3.2K 742 337
                                    

ලමයෝ.........සංජාන ..........

මම උන්නෙ මගෙ කාමරෙ....ඉස්පිරිතාලෙන් ටිකට් කපන් ආව වෙලාවෙ ඉදලම මම කෙරුවෙ කාමරේ අස්සට වෙලා දොර වහන් අල්මාරියෙ කොනකම තිබුන මතක ගොඩක් හංගන් ඉන්න මට අමතක මතක එක්ක.....

මල් මල් වැටුන පුංචි කොන්ඩ කටුවක්...පොල්ගෙඩි අකුරු තියන පොතක්.....

යෙවීන් සංජාන......තුන වසර රෝස පන්තිය......

මම රෝස පන්තියෙද ඉදලා තියෙන්නෙ......අපරාදෙ නිල්කටරොලු වගේ එකකට වැටෙන්න තිබුනෙ.......

මම පොතේ කවරෙ දිහා බලන් උන්නා  ....ඒත් ඒ පොතේ ලොකූ දෙයක් නෑ   බාප්පයි නලුවයි විතරයි .....නලුවෝ...නලුවෝ ..නලුවෝ ගාලා ලියලා තිබ්බා .. ඒත් නලුවට කියපු දේවල් නෑ....බාප්පට කියපු දේවල් නෑ....

ඇත්තටම මට බාප්පා කෙනෙක් ඉදලද      ??අනේ ඒ බාප්පා කොහෙ ඉන්නවා ඇතිද    

වැඩි හරියක්ම හිස් පිටු තිබුන පොත දිහා බලන් උන්න මම අම්මගෙ කටහඩත් එක්ක පොත වහලා දැම්මා......වෙනමොකටවත් නෙවෙ...අම්මා සංධීර් ගාව අත් එකතුකරන් අඩපු හැටි මතක් උනා....

අමතක මතක ආවට කමක් නෑ මගෙ අම්ම්ගෙ ඇස් නොතෙමා........

පුතා.....

ඔ...ඕ.....හ්....

මම පොත වහලා ආයම තිබ්බ තැනට දාලා ඉකමනට ගිහින් දොර ඇරියා  ..

ඇ  ඇයි අම්මා....

මොකද කරන්නෙ දොර වහන්.....එන්න කන්න කාල් රෑට බෙහෙත් ටික බොන්න.....

බෙහෙත්.....

ඒව්....ඒව්....එව්ව්ව්     
බෙහෙත් කියන නම ඇහෙනකොටත් මගෙ බඩ කැලතෙන්න ආවා........කැලතෙන්න ආවා නෙවෙ...කැලතුනා.   රවුම්ම රවුම් අර තඩි  පීසීඑම් පෙත්තෙන් දෙකක් බිව්වම ආය වේල් දෙකකට කන්න ඕන් නෑ බඩ පිරෙනවා............

අ...අම්...මෙ....

ම්ම්ම්

ඔය....බ්බ්..බෙහෙත්....ව්ව්  ..වලින්....ඕ...ඕනම...කරන බෙහෙත්....ටික...ව්....විතරක් ද්ද්...දෙන්නෙකො....අනෙ.....

ඕනම කරන පෙත්ත විතරක් දෙන්න කියන්නෙ...ඔක්කොම ඕනා තමයි නැත්තන් ඒ ටික නැතුව දෙනවනෙ....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now