15 වන කොටස..

2.9K 759 131
                                    

සංධීර්....

ඇයි...දැන් උඹලට ඒක කරන්න අමාරුද උදාන......??

න්න්...නෑ....ඒත්

එහෙනම්.....ඇයි...?මම කිව්වෙ මට හොස්ප්ටිල් එක මාරු කරන්න ලියුමක් විතරයි ....උඹට අමාරු නම්..මට පුලුවන් ලමයව අරන් වෙන එකකට යන්න..මට වදින්න යන්න ඕන් නෑ....හැබැයි මම එහෙම නොකර උඹ මාර්ගෙන් යන්නෙ මම බලෙන් ටිකට් කපන් ගියෝතින් උඹයි මායි යාලුවො කියලා දන්න ඩොක්ටර්ස්ලා අතරෙ උඹ අපහසුවට පත්වෙයි කියලා...

හරි හරි.....ඇති....උඹ කිව්ව විදිහට වැඩ වෙයි....උදාන ලෙටර් එක දෙන්න.......මම අනිත් ටික බලාගන්නම්...

මම බලන් උන්නා...නලුවා අර වයර් එක එහා මෙහා කර කර බලන් ඉන්නවා...රිදෙන්නෙ නැද්දො මන්දා....ඒ කොහොම උනත් මට පේන්නෙ නලුවගෙ ගෙදර ලොකු ප්‍රශ්ණයක් වගේ....අම්මා ගැන  තමයි හුගක් කිව්වෙ.....අනේ එයාටත් මට වගෙ අම්මව නැති වෙන්න යන්නෙ .....එයාටත් යෙවීන්ට  වගේ නපුරු ආච්චම්මෙක් ඉන්නවද දන්නෙ නෑ...........

මට දුක හිතුනා...කතා කරලා දුක කියාගන්න බැරි වෙනකොට  ඊට වඩා  දුක හිතුනා........

එයාගෙත් ආච්චම්මට එයාව පේන්න බැරිද දන්නෙ නෑ.....ඒත් නලුවට මට වගෙ ගොත නෑනෙ.......

මමබලන් උන්නා..බලන් ඉදලා..බලන් ඉදලා එන්න හැරුනා....මොකද එතන එයාලා තව වෙන වෙන කතාත් කියනකොට නලුවගෙ  මූන දැකපු මට ඊටත් වඩා දුක හිතිලා මම ආයම ඇදට නැගගත්තා ....

ආව්.....හ්....ම්ම්හ්...ර්....ර්...රිදෙන..වනෙ....

ඇදට නගින්න හදනවත් එක්කම මගෙ තුවාලෙන් ආව වේදනාවට මට කෙදිරි ගෑවුනා...මගෙ තුවාලෙ ඇදුම් කෑවා.........

තුවාලෙ වේදනාවට ඇස් වලට කදුලු මතු වෙනකොට මම අමාරුවෙන් ඇදට නැගලා සංධීර්ම පොරවගන උන්න රෙද්ද  පොරවගත්තා .....

...ම්ම්...සුවදයි.......

අසනීප ඔක්කොම තියාගන එයාගෙ රෙද්ද පොරවගත්තු මට එයාගෙ සුවද රෙද්දෙන් එනකොට මගෙ රෙද්දෙන් ලාවට ඕඩික්ලෝන් සුවදක් ආවා.....

එයා දුන්නෙ එක පාට කූරයි.......මේක්න් කොහොමද අදින්නෙ....ඇන්දත් පාට කරන්නෙ කොහොමද .....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now