01.

432 58 13
                                    

“ ආර්හ්… සීතල …”

ටේහියොන් එයාට හේත්තු වෙලා ඉන්න සූයොන්ව තව ටිකක් එයාගෙ ඇඟට ළං කර ගත්තා .

“ හාහ්….”

සීතල නිසා කටින් දුම් වලාවක් පිටවෙනකොට සූයොන්ව ආයෙත් සැරයක් වෙව්ලලා ගියා.

ශීත ඍතුව නිසා තද සීතලකුත් එක්ක ටිකක් තදට හිම වැටෙමින් තිබ්බෙ වටපිටාවේ තිබ්බ අඳුරටම හරියන්න. මේ සීතලේ හිම වැටෙන අස්සේ ටේ සූයොන් එක්ක දොරත් වහලා දාපු ගෙදරක දොරකොඩට වෙලා වාඩි වෙලා හිටියා.

“ මං නිසා සූට හරි කරදරේ නේද?”

ටේ එයාගෙ අත් අතරට සූයොන්ගෙ අතක් අරගෙන හිරකර ගන්න ගමන් සූයොන් දිහා බැලුවා.

“ ම්.. හරිම කරදරේ…”

සූයොන් හිනා උනාම ටේ සූයොන්ගෙ ඇස් දෙක දිහා බැලුවා .

“ මං මොන ජාතියේ හස්බන්ඩ් කෙනෙක්ද කියලා ඔයා කල්පනා කරනව ඇති… මේ ගල් ගැහෙන සීතලේ මං ඔයාව ගෙයක් ඉස්සරහා බිම වාඩිකරවන් ඉන්නවා.”

ටේගේ වේදනාව ලොකු හුස්මක් එක්ක සුදු පාටට දුමක් විදිහට එලියට එනකොට සූයොන් ටේ අල්ලගෙන ඉන්න එයාගෙ අත ආපිට තද කරලා අල්ල ගත්තා .

“ මං කිව්වා ටේ… මං මේ ගමන ආවේ කැමැත්තෙන්. ආයෙ ඔහොම කියන්න එපා. අනිත් එක තව ටික දුරයිනේ... හිම වැටෙන එක තව ටිකකින් අඩු වෙයි”

“ ඔයාගේ කම්මුල් නිල් පාට වෙලා සූ.. ඔයාට ගොඩක් සීතලයිද? හුස්ම ගන්න අමාරුයි වගේද?”

ටේ කලබලෙන් වගේ සූයොන්ගෙ මූණට එබුනාම සූයොන් දෙපැත්ත ඔලුව හෙල්ලුවා.

“ ම්හ්… අහ්.. එහෙම ලොකු අමාරුවක් නෑ ටේ ”

“  ඉන්නකෝ ටිකක් …”

ටේ එයා දාගෙන හිටපු වූල් ග්ලව්ස් දෙක ඉක්මනට ගලවලා දැම්මා. සූයොන් බය වෙලා ටේ පැත්තකට විසි කරපු ග්ලව්ස් දෙක අතට අරගෙන ටේ දිහා බලාගෙන හිටියේ ටේ මොකක් කරන්න යනවද කියලා තේරුන් ගන්න බැරුව. සූයොන්ට හිනා උන ටේ  එයාගේ අල්ලවල් දෙක රත් වෙනකම්ම එකට පිරිමැදලා සූයොන්ගෙ සීතල වෙලා තියෙන කම්මුල් දෙකෙන් තිබ්බා.

Not A Fairytale  |KthWhere stories live. Discover now