26.

113 32 13
                                    

" මේ ඉන්නේ අප්පාගේ රෝස මල් දෙක."

රෑට නිදා ගන්න කලින් වොශ් දාලා ලොකු ලා රෝස පාට ටවල් දෙකක එතිලා ඉන්න එයාගේ චූටි බබාලා දෙන්නා දිහා බලාගෙන ටේ කිව්වා.

" කෝ බලන්න සුවඳ..  " 

ටේ එහෙම කියලා ටවල් එක පිටින්ම ඇඳේ හාන්සි වෙලා ඉන්න මින්හි බබාගේ බඩට නහය තියලා කිති කැව්වාම බබා සද්දෙට හිනා උනේ ටේව වගේම ජන්හි බබාව වඩාගෙන ඉන්න සූයොන්වත් හිනා ගස්සලා .

" කෝ බලන්න මගේ අනිත් රෝස මල "

ටේ මින්හි බබාවත් වඩාගෙන සූයොන්ගෙ අතේ ඉන්න ජන්හි බබා ගාවට පාත් උනා. ටේ ජන්හි බබාගේ කම්මුලක් එයාගේ තොල් වලින් බබාට රිදෙන්න නැති වෙන්න ලාවට හැපුවම බබා හිනා වෙන ගමන් සූයොන්ගෙ අතේම චුට්ටක් දැඟළුවා.

" මේක මගේ ලොකු රෝස මලට "

ජන්හි බබා ගාවින් ඉස්සුන ටේ එක පාරටම සූයොන්ගෙ කම්මුලකින් හාදුවක් තිබ්බේ එහෙම කියලා .සූයොන් හිනා උනේ ටේගෙ වැඩ වලට .

" ටේ ..." 

සූයොන් ටේට කතා කලේ ජන්හි බබාව ඇඳෙන් තියන ගමන්.

" ම් ? " 

සූයොන් ගාවට ආව ටේ මින්හි බබාවත් ජන්හි බබා ගාවින් තිබ්බා.

" මං ජූහි ඔන්නිට රෑ කෑම ලෑස්ති කරන්න උදව් කරලා එන්නම් . ඔයාට පුලුවන්ද මේ දෙන්නට ඇඳුම් අන්දවලා නිදිකරවන්න ? "

සූයොන් ඇහුවේ ටේ දිහා බලලා.

" ම්... කිස් එකක් දුන්නොත් සලකලා බලන්නම් "

ටේ කිව්වෙ එයාගේ තොල් දෙක උල් කරන් සූයොන් දිහා දඟ බැල්මක් දාලා.

" කිස් එකක් ? දැන් ඔයා මගෙන් පගාව ගන්නවද ආහ් ?  "

සූයොන් ඇහුවේ ඇස් දෙක ලොකු කරගෙන.

" ඔව්. නැතුව කොහොමද  "

ටේ කිව්වෙ ගානක් නැතුව .

" පස්සෙ පස්සෙ ... බබාල ඉන්න තැන කිස් දෙන්න බෑ. "

සූයොන් අහක බලලා කිව්වෙ ටේව ගනන් ගන්නේ නැතුව .

" අයියෝ මොනාද සූ... එයාලා තාම චූටියි නේ.. එයාලට තේරෙන්නේ නෑ.. "

Not A Fairytale  |KthМесто, где живут истории. Откройте их для себя