04.

155 42 8
                                    

කලින් දවසෙ රෑ ටේත් එක්ක ටේගෙ කාමරේ නිදා ගත්ත සූයොන්ට උදෙන්ම නින්දෙන් ඇහැරුනේ මුලු රෑ පුරාවට එයාගේ වටේට එතිලා තිබ්බ ටේගෙ උනුසුම නෑ කියලා දැනුන නිසා.හිමීට ඇස් ඇරල බලපු සූයොන් දැක්කේ කාමරේ ඇරලා තියෙන ජනේලයකින් එළිය බලාගෙන කල්පනා කරන ටේව.බිත්තියේ එල්ලලා තිබ්බ ඔරලෝසුවෙන් සූයොන් දැක්කේ වෙලාව තාම උදේ හයයි කියලා . දිගටම එලිය බලාගෙන ඉන්න ටේ දිහා ටිකක් වෙලා බලන් හිටපු සූයොන් ටේගෙ දැහැනට බාදා කරන්න හිතලා ඇඳෙන් වාඩි උනා.

"ටේ..."

"ඔහ්...ඔයා ඇහැරුනාද සූ..ගුඩ් මෝනින්"

ටේ කිව්වෙ ජනේලෙන් ඈත් වෙලා ඇඳ ගාවට එන ගමන්.ඇඳේ වාඩි වෙලා හිටපු සූයොන්ගෙ නළලින් හාදුවක් තවරපු ටේ සූයොන්ගේ එහා පැත්තෙන් වාඩි උනා.

"ගුඩ් මෝනින් ටේ.."

සූයොන් කිව්වෙ ටේගේ හාදුවට ප්‍රතිචාරයක් ටේගෙ කම්මුලකින් තියන ගමන්.

"ගුඩ් මෝනින් මගෙ පැටියෝ..."

ටේ අයේමත් හිනා වෙන ගමන් කිව්වෙ සූයොන්ගේ කුසෙන් අතක් තියන ගමන්.ටේගේ හුරතල් වැඩ වලට හිනා උනු සූයොන් ටේගෙ මූණ දිහා බැලුවා .

"මොනාද ටේ උදේම කල්පනා කර කර හිටියේ.."

"ම්හ් මොකුත් නෑ සූ..වැඩකට ඇති දෙයක් නෙවෙයි..."

ටේට ඔනේ උනේ නෑ එයා උදේම කල්පනා කරපුව කියලා සූයොන්ගෙ ඔලුව අවුල් කරන්න .

"ඔයා ඔය මටද බොරු කියන්නෙ ටේ..අපි කතා උනා නේද ඉස්සරහට මොන ප්‍රශ්නයක් ආවත් අපි දෙන්නම එකතු වෙලා ඒවට උත්තර හොයමු කියලා.. ඔයා මෙච්චර ඉකමනට ඒක අමතක කළාද ? "

"සූ...."

"ඔයා කල්පනා කලේ අපිට ඉස්සරහට මොනවා වෙයිද කියලා ද?"

වෙනද වගේම ටේගේ හිත කියවපු සූයොන් ඇහුවා.ටේ සූයොන්ගේ ඉන වටෙන් එයාගෙ අතක් යවලා සූයොන්ව එයාට තදින් තුරුල් කර ගත්තා .සූයොනුත් එයාගෙ ඔලුව ටේගෙ උරහිසට බර කලා.

"ඉස්සරහට ජීවිතේ අපිට කොහොමටවත් ලේසි වෙන්නෑ නෑ සූ..මම වද වෙන්නේ මං ගැන නෙවෙයි ඔයාලා දෙන්නා ගැන .."

Not A Fairytale  |KthWhere stories live. Discover now