17.

117 36 12
                                    

" දැන් මිසිස් කිම්ට බරටම වැඩ ඇති නේද? ලේසි නෑ ඉතිං ප්‍රෙග්නන්ට් කෙල්ලෝ දෙන්නක්ම එක ගෙදර ඉන්න එක.. "

ජින් ජූහි එක්ක ගේ ඇතුලට එනකොටම ඇහුනේ මිසිස් හන් සේරාගෙන් එහෙම අහනවා.

" අනේ ඔම්මා විදිහට මේ දෙන්නා ගැනම බලන එක මගේ යුතුකම නේ..ඒක එච්චර දෙයක් නෙවෙයි ..."

ටේ සූයොන්ගෙ එහා පැත්තෙන් සෝෆා එකේ වාඩි වෙලා බලාගෙන හිටියේ සේරා දත් තිස් දෙකම එළියට දාගෙන මිසිස් හන් එක්ක අහිංසක විදිහට කතා කරන විදිහ.ඒත් එක්කම ජින් ජූහි එක්ක ගේ ඇතුලට එනවා ටේ දැක්කා.

" ඔහ් ජූහි නූනා !! "

" ආ කොහොමද ටේ.."

" කොහොමද ජූහි ඔන්නි..."

සූයොන් එහෙම කියන ගමන් ටේත් එක්කම වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ජින් ජූහි දෙන්නා හිටපු තැනට ආවා.

" අනේ හැපි බර්ත්ඩේ සූයොන් ..."

සූයොන්ට සුබ පතන ගමන් ජූහි සූයොන්ව තුරුල් කර ගත්තා.

" තැන්ක් යූ ඔන්නී..ඒත් මේ මොනවාද මේ ? "

සූයොන් පුදුමෙන් ඇහුවේ ජූහි සූයොන්ගෙ අතින් තිබ්බ පාර්සලේ නිසා.

" එච්චර දෙයක් නෙවෙයි. ඔයාට පොඩි දෙයක් ගෙනාවේ.ඔයා පස්සෙ ඕක බලන්නකො හරිද"

" තැන්ක් යූ ඔන්නි "

" ඕක මොකක්ද ළමයෝ "

ජූහි එහෙම කියලා සූයොන් එක්ක හිනා වෙනකොට ටේ ජින් දිහාවට හැරුනා .

" හියුන් ... "

" ඕ.."

" කොහොමද කාර් එකේ තත්වෙ ? ලොකු අවුලක් තිබ්බාද?"

" අහ් කාර් එක ! නෑ ටේ එහෙම ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නෑ..ඒක දැන් හරි "

ජින්ට කාර් එක අමතක වෙලාම තිබ්බා.එයාට මතක තිබ්බේ අන්තිමට එයා ජූහි එක්ක කතා කරපු ටික විතරයි.

" අපි නන් හිතුවෙ පරක්කු වෙනකොට හියුන් ජූහි නූනා එක්ක පැනලා ගිහින් කියලා"

හැමදාම වගේ ජිමින් ඕනේ නැති කතාවක් කිව්වෙ ජූහි වගේම ජිනුත් ලැජ්ජාවටම රතු වෙනකොට.

Not A Fairytale  |KthWhere stories live. Discover now