05.

143 37 14
                                    

"අනේ මෙයා හරිම ෂෝක් ඔප්පා…මේ බලන්නකො ටේ මෙයාගෙ ලස්සන…"

සූයොන් සිය වෙනි පාරටත් කිව්වෙ ජින්ගේ ලස්සන අශ්වයා බිල්ව ආදරෙන් අත ගාන ගමන්.

බිල් ඇත්තටම ගොඩක් ලස්සන ශක්තිමත් හොඳ කීකරු අශ්වයෙක්.තද දුඹුරු පාට සිනිදු ලෝම ගොඩක් තිබුණු බිල් දකින ඕනෙම කෙනෙකගෙ හිත් ඇද ගන්න පුලුවන් පෙනුමකට හිමිකම් කිව්වා.

"ඕඕඕ….ඔයා හරිම හැන්ඩ්සම් නෙ බිල්..කෝ ඉතිං ඔයාට ලස්සන අස්ස කෙල්ලෙක් එහෙම ඔයාගෙ ජින් අප්පා හොයල දුන්නේ නෑ??"

ටේ නන් ටිකක් එහාට වෙලා බිල්ගෙ පිට අතගාන ගමන් සූයොන් දිහා බලන් හිටියේ මූණත් ටිකක් ඇද කරන්. මොනව උනත් සූයොන් ටේට ආදරෙන් කතා කරන විදිහට අශ්වයට කතා කරනකොට ටේට ටිකක් ඉරිසියා හිතුනා.ජිනුත් පාඩුවෙ එයාගෙ ආදරණීය අශ්වයගෙ වලිගේ ලෝම ටික බුරුසුවකින් පීරන ගමන් හිටියේ.

මේ අතරෙ මෙච්චර වෙලා බිල්ගෙ බෙල්ල බදාගෙනම හිටපු සූයොන් බිල්ගේ නළලින් හාදුවක් තිබ්බේ දැන් නන් මේ හොඳට ඇති කියලා ටේට හිතෙනකොට.

"අහ්ම්…සූ…"

"ඕඕ ටේ??"

"අපි කුකුල් කූඩු පැත්තට හරි එළදෙන්නුන්ව බලන්න හරි යමුකො.." 

බිල්ට රවන ගමන් ටේ කිව්වෙ මොනවා උනත් ඒ තැන් වල ඉන්නේ කාන්තා පාර්ශ්වයෙ අය විතරයි නෙ කියලා කල්පනා කරලා.

"අපි පස්සෙ යමු ටේ…එයාල වගේද බලන්න මගෙ හැන්ඩ්සම් බිල්"

"හැන්ඩ්සම් හොඳයි වෙන නැත්තං"

ටේ තනියම මුමුණගත්තේ සූයොන්ට ඇහෙන්නෙ නැති වෙන්න.

"හියුන්! ජින් හියුන් !!!"

ටේ සද්දෙට කිව්වෙ ඒ සද්දෙට සූයොන් ජින් විතරක් නෙවෙයි අහිංසක අශ්වයාත් ගැස්සිලා යනකොට .

"මොකද මනුස්සයො වෙලා තියෙන්නේ?"

ජින් කිව්වෙ ටේගෙ සද්දෙට නිසා එයාගෙ අතින්  බිමට ඇතෑරුනු බිල්ගෙ ලෝම පීරන බුරුසුව පාත් වෙලා අහුලන ගමන් .

"මට කිකිලියෙක් ඕනෙ!!!"

ටේ කිව්වෙ තාමත් බිල්ගෙ බෙල්ල බදාගෙන ඉන්න සූයොන් දිහා බලාගෙන .

Not A Fairytale  |KthNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ