06.

131 39 5
                                    

"සේරා ඔම්මා ..."

"කියන්න ජින් "

"මෙතන ප්ලේට්ස් තුනයි නෙ තියෙන්නෙ?"

ජින් කිව්වෙ කෑම මේසෙ පෙන්නන ගමන්.

" අප්පා වැඩට ගිහින්නේ ජින් ...එයා කාලා ගියේ...ඔයාට අමතක උනාද වෙනදටත් ඔය මේසෙ උඩ මේ වෙලාවට තිබ්බේ පිඟන් තුනයි තමයි."

"සේරා ඔම්මා!!!"

ජින් කෑගැහුවෙ කේන්තියෙන්.

"ඇයි හියුන් මේ...මොකුත් ප්‍රශ්නයක් ද?"

ටේ අහුවෙ සූයොන් එක්ක උදේ කෑම ගන්න කෑම කාමරේට එන ගමන්.ටේට දකින්න හම්බ උනේ කේන්තියෙන් මූණ රතු කරන් සේරා දිහා බලන් ඉන්න ජින්ව.

"ආපෝ නෑ නෑ...කිසිම ප්‍රශ්නයක් නෑ ටේහියොන්..ඔයා කලබල වෙන්න එපා. "

ටේගෙ ප්‍රශ්නෙට සේරා උත්තර දුන්නේ නෝන්ඩියට.

"සේරා ඔම්මා මට පේන්නේ ඔයාට අමතක වෙලා අද උදේ කෑමට අපි තුන් දෙනාත් එක්ක ටේයි සූයොනුයිත් ඉන්නවා කියලා "

තාමත් ගොඩක් කේන්තියෙන් සේරා දිහාම බලාගෙන ජින් කිව්වා.ජින් එහෙම කියනකොට තමයි ටේ දැක්කේ මේසෙ උඩ තියෙන්නේ කෑම පිඟන් තුනයි කියලා.

"උයපු කෑම ඉවරයි ජින්...මදි අයට ඕනෙ තරන් උයා ගෙන කන්න බඩු අන්න කුස්සියෙ තියෙනවා "

සේරා කිව්වෙ හරි සැහැල්ලුවෙන් .

ඒ වෙලාවෙම ජියාත් කිසිම ගාණක් නැතුව එතනට ඇවිල්ලා එතන තිබ්බ එක කෑම පිගාණක් ඉස්සරහින් වාඩි උනා.

" ඔම්මා,මේ මදී...මට තව ටිකක් ඕනේ"

එයාගෙ කෑම පිඟාන දිහා බැල්මක් හෙලපු ජියා කිව්වේ කෑම කන්න හැන්දක් අතට ගන්න ගමන් .කන්නත් කලින් මදි කියලා කියන ජියා දිහා සූයොන් බලන් හිටියේ පුදුමෙයෙන්.

"ජියා ඔය ටික මුලින්ම කාලා ඉන්න ..මදි උනොත් තව තියෙනවා ඔයාට "

ගාණක් නැතුව එහෙම කියපු සේරා එතනම තිබ්බ අනිත් පිඟානක් ඉස්සරහින් වාඩි වෙලා කෑම කන්න ගත්තේ මෙයාලගෙ ඇත්තම අරමුණ මොකක්ද කියලා ජින්ට වගේම ටේ සූයොන් දෙන්නටත් තේරුම් යනකොට.

Not A Fairytale  |KthWhere stories live. Discover now