27.

123 34 24
                                    


" අයියෝ අප්පා කිති ..."

ටේ හිටියේ බබාලා දෙන්නව උදේම ඇහැරවන මිෂන් එකක. ඒකට හොඳම ක්‍රමය විදිහට ටේ දැක්කේ බබාලා දෙන්නාට කිති කවන එක. ටේ ආස උනේ නෑ එයාගේ දුවලා දෙන්නා කම්මැලිකමට දවල් වෙනකන් නිදා ගන්න එකට. දැනට අවුරුදු කීපයක් තිස්සෙම උදේම ඇහැරුන ගමන් ටේගේ ප්‍රධානම රාජකාරිය උනේ ඒක. බබාලා දෙන්නව ඇහැරවන එක. එකත් කිති කවලා....

අප්පලගේ දුවලගේ ගෝෂාව අහගෙන ඉන්න බැරි තැන සූයොන් කුස්සියේ ඉඳලා කාමරේට ආවෙ අතේ තිබ්බ හැන්දත් එක්කමයි.

" ඔම්මා... අලේ බලන්නකෝ මේ අප්පා කිති කවනෝ..."

ජන්හි කෑගැහුවේ කාමරේ ඇතුලට ආව සූයොන්ව දැකලා.

" දෙයියනේ ළමයි... ගෙදර අනිත් අය තාම නිදි. ඔච්චර සද්ද කරන්න එපා."

සූයොන් කිව්වේ අතේ තිබ්බ හැන්ද දික් කරලා. ටේ නන් කලේ සූයොන්ට හිනා වෙලා ආපහු කිති කවන මිෂන් එක පටන් ගත්ත එක.

" ඔම්මා මේ අප්පාව අරගෙන යන්නකෝ.. "

මින්හිත් කිව්වේ එයාගෙ බඩට මූණ තියලා කිති කවන ටේගේ කොන්ඩෙන් අදින ගමන්.

" ඇයි ආ.. කම්මැලි කෙල්ලෝ දෙන්නට තව නිදිය ගන්නද ? "

ටේ එහෙම කියන ගමන් මින්හිව අතඇරලා ජන්හිව ඇදලා ගත්තම අමාරුවෙන් ටේගෙන් බේරුන ජන්හි කෑගහගෙන ගිහිල්ලා සූයොන්ගෙ ඇඟට පැන්නේ එයා කිති කවන එකට චුට්ටක්වත් ආස උනේ නැති නිසා. එක පාරටම ඇඟට පැන්න ජන්හිව වැටෙන්න නොදී අල්ලගන්න ගිහින් අතේ තිබ්බ හැන්දත් බිමට අතඇර ගත්ත සූයොන් මොකුත් නොකියා ඔළුව දෙපැත්තට වැනුවේ අවුරුදු ගානක් තිස්සෙ උදේ පාන්දරට මේ වෙන වලිය සූයොන්ට හොඳට පුරුදු නිසා.

" අවුරුදු පහක ලොකු කෙල්ලෝ දෙන්නෙක් නේද ... ලැජ්ජ නෑනේ පස්ස පැත්තට ඉර පායනකන් නිදියගන්න.."

ආයෙත් කිති කවයි කියලා ගුලි වෙලා ඇඳේ මුනින් අතට හැරිලා ඉන්න මින්හිගේ පස්සට හෙමීට පාරක් දෙන ගමන් ටේ කිව්වා.

" අප්පා බලන්නකෝ තාම කොට කට්ට තියෙන්නේ හත ගාවනේ.."

සූයොන්ගේ බෙල්ල බදා ගන්න ගමන් ජන්හි කිව්වේ බිත්ති ඔරලෝසුව පෙන්නලා.

Not A Fairytale  |KthWhere stories live. Discover now