14.

122 32 8
                                    


" එහෙනම් ඇයි මේ?"

ටේ ඇහුවේ පුදුමෙන් .

" මං දැක්කේ...ඒ ඔ ඔයා වගේ ටේ"

සූයොන් කිව්වෙ ටේව තදින් තුරුල් කර ගන්න ගමන් .

" එයා ඔම්මාගෙ පින්තූරේ එක පාරටම දැක්කේ ඔයා වගේ ටේ…සොහොන් කොතක ඔයාගෙ පිංතූරයක් තියෙනවා දැක්කම සූයොන් බය වෙන්න ඇති"

ජින් කිව්වාම සූයොන් ඔලුව උඩට පහලට වැනුවේ ඒක ඇත්ත කියලා කියන්න.

" සොරි ඔයා බය උනා නන්..ඔයා බය වෙයි කියලා දන්නවා නන් මං මෙතනට එන්නෙත් නෑ"

ටේ කිව්වෙ සූයොන්ගෙ ඔලුව දිගටම අත ගාන ගමන්.ටිකක් වෙලා ටේට තුරුල් වෙලා හිටපු සූයොන් ටේගෙන් ඈත් වෙලා කඳුලු පිහදාලා ටේ ජින් දිහා බැලුවා .

" සොරි කියන්න ඕනේ මං ටේ …මං ඔයාලා දෙන්නාගේ මූඩ් එකත් කෑවා."

" අපි එහෙනම් ඉක්මනට චර්ච් එක ඇතුලට ගිහින් මෙතනින් යමු නේද?"

ජින් ඇහුවේ සූයොන් ඉන්න තත්වෙත් එක්ක සූයොන්ව තවත් මෙහෙම අපහසුතාවට පත් කරන එක හොඳ නැති නිසා.

"පිස්සුද ආ!!! එහෙම කොහොමද යන්නේ ? මං මේ පළවෙනි වතාවට ඔම්මාව හම්බ උනේ..මට එයා එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා "

ජින් දිහා බලන් කට උල් කරලා සූයොන් කියපු විදිහට ජින්ට වගේම ටේටත් හිනා ගියා.

"කෝ ඕක ඔම්මාට දෙන්නෙ නැද්ද ඔප්පා?"

සූයොන් ඇහුවේ ජින් තාමත් තුරුල් කර ගෙන ඉන්න මල් පොකුර දිහා බලන් .

" ආ සූයොන් … ඔයාම මෙක දෙන්නකෝ.."

ජින් එහෙම කියලා වාඩි වෙලා හිටපු සූයොන්ගෙ අතට මල් පොකුරයි ඉටි පන්දම් ටිකයි දුන්නා. සූයොන් සොහොන් කොතේ තියෙන ටේගෙයි ජින්ගෙයි ඔම්මාගෙ රූපේ දිහා බලාගෙනම සුදු මල් පොකුර එතනින් තිබ්බා.

" ආ… මේ ටිකත් "

ජින් සූයොන් අතට ඉටි පන්දම් පෙට්ටියත් එක්ක ගිනි පෙට්ටියක් දුන්නා.ඉටි පන්දම් පෙට්ටියෙන් ඉටි පන්දමක් ගත්ත සූයොන් ඒක පත්තු කරලා සොහොන් කොත ඉස්සරහින් ගැහුවා.

Not A Fairytale  |KthWhere stories live. Discover now