16.

121 33 5
                                    


" මේ මොකද මේ!?"

සූයොන් පුදුමෙන් ටේගෙන් ඇහුවේ එයාලා ෆාම් එකේ ඉඳල  ගෙදර එනකොට කවදාවත් නැතුව ගෙදර සම්පූර්ණයෙන්ම අඳුරේ තිබ්බ නිසා.

" අනේ මන්ද සූ…"

ටේත් කිව්වෙ කිසිම එළියක් නැතුව කරුවලේ තියෙන එයාලගේ ගේ දිහා බලාගෙන.

" ලයිට් එකක්වත් දාලා නෑනේ ටේ"

"අප්පලා කොහේ හරි ගිහින්ද දන්නේ නෑ"

" මේ හදිස්සියේ ? එකපාරටම ?"

" ඒක තමයි මේ මාත් කල්පනා කලේ "

ටේත් කිව්වෙ එයාගේ සුපිරි රංගන හැකියාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන.

" ඔයා ගෙදර ඉඳලා නෙවෙයිද එතකොට ෆාම් එකට ආවේ?"

" නෑ… ඔයාව බලන්න තිබ්බ හදිස්සියට මං එහෙම්මම ෆාම් එකට ආවා."

" කෝ එතකොට ජින් ඔප්පා ?"

" හියුන් සමහරවිට තාම ගරාජ් එකේ වෙන්නැති "

" මෙච්චර වෙලා?"

" ම්…මං දන්නේ නෑ සූ"

" මොකුත් හදිස්සියක්වත් උනාද?"

සූයොන් කිව්වෙ ජියාව මතක් වෙනකොට.

" මේ දොරත් ඇරලා දාලා!!"

ටේ කිව්වෙ අඩවන් වෙලා තිබ්බ දොර අතින් ඇතුලට තල්ලු කරන ගමන් බයෙන් සූයොන් දිහා බලලා.

දොර ඇතුලට තල්ලු උන " ක්‍රීක්" හඬ නිහඬබවේ ගිලිලා තිබ්බ ගේ පුරා දෝංකාර දුන්න සද්දෙට සූයොන්ගෙ හදවත පුරා අමුතු හිරියක් ගියා.

" අනේ ටේ…."

ටේ සූයොන් දිහා බලලා එයාගේ අතින් අල්ලගත්තා.සූයොන් ටේගේ අත තද කරලා අල්ලගෙන ටේගෙ පස්සෙන් ගේ ඇතුලට ආවා.කිසිම හැල හොල්මනක් නැතුව කලුවරේ ගිලිලා තියෙන ගෙදර සූයොන්ට ඇති කලේ එච්චර හොඳ හැඟීමක් නෙවෙයි.

ඒත් එක්කම එක පාරටම ගෙදර ලයිට්ස් පත්තු උනේ සූයොන් බලාපොරොත්තු නොවුණු විදිහට. සූයොන් ගැස්සිලා ගිහින් එහෙම්මම ටේව බදා ගත්තේ මොකක් උනාද කියලා හිතා බැරුව.

Not A Fairytale  |KthWhere stories live. Discover now