02.

201 48 14
                                    

"අප්පා.. ."

ජින්ගෙ හඬට කෑම මේසෙ වාඩි වෙලා හිටපු මැදි වයසේ පිරිමි කෙනෙක් එයාගෙ කෑම පිඟානෙන් ඔලුව උස්සලා ටේයි සූයොනුයි දිහා බැලුවා. සේරාත් ඒ පිරිමි කෙනාගෙ පැත්තකින් වාඩි වෙලා එයාල දිහා බලාගෙනම ඉන්න විදිහට සූයොන් තව ටිකක් ටේගේ පිටිපස්සට උනා. ඒ දෙන්නට අමතරව තවත් එයාලගෙම වයසේ විතර ගෑනු ළමයෙකුත් කෑම මේසෙ වාඩි වෙලා හිටියා.

"අප්පා... කො කොහොමද ඔයාට? "

ටේ එයාගෙ හඬ අවදි කෙළේ හරිම හිමින්. එයාට හිතා ගන්න බැරි උනා එයාලගේ මේ හදිසි පැමිණීම ගැන එයාගෙ අප්පාගේ ප්‍රතිචාරය කොයි වගේ එකක් වෙයිද කියලා. සමහර වෙලාවට මේ දැන්ම කනෙන් ඇදලා එලියට දාන්න උනත් පුලුවන්!

"ඉලන්දාරියා... සෑහෙන්න කාලෙකින්. ගොඩක් වෙනස් වෙලා "

සංසුන්ව කතා කළත් ටේගෙ අප්පාගෙ තිබ්බෙ ‍තරමක තද පෙනුමක්. සූයොන් ටේගේ පිටිපස්සට වෙලා ටේගේ අප්පා දිහා බලාගෙන හිටියා.

"ඒක තමයි අප්පා මාත් කිව්වේ.."

ජින් හිනාවෙන්ම කියන ගමන් ඉස්සෙල්ලා කලබලෙන් දුවන්න ගිහින් එයාගෙ අතින් බිම පෙරලිලා තිබ්බ පුටුව කෙලින් කලා. ජින් පුලුවන් තරම් උත්සාහ කලේ මොකුත් අවුල් කරගන්නේ නැතුව ඉන්න.

"අවුරුදු පහකට පස්සේ..."

"අප්පා මං...."

"මොකද ඉතිං මේ හදිස්සියේම සෝල් දාලා ඩේගු එන්න හිතුනෙ? අපි කාටවත් නොකියා සෝල් ගියේ හරි කලබලෙන්නේ නේ? "

"අප්පා..."

"කවුද එතකොට මේ එක්කගෙන ඇවිල්ලා තියෙන්නෙ? කවුද මේ කෙල්ල ටේහියොන් !? "

ටේගෙ අප්පා අහන එක ප්‍රශ්නයකටවත් ටේට උත්තර දී ගන්න බැරි උනේ එක පිට එක එයාගෙ අප්පා අහපු ප්‍රශ්න අහපු විදියට. අන්තිමට අප්පා අහපු ප්‍රශ්නය නිසා නන් සූයොන් තව ටිකක් ටේගේ අස්සට උනා.

"අප්පා ටේටත් ටිකක් කතා කරන්න දෙන්නකෝ.."

බැරිම තැන ජින් කිව්වෙ ටේ අනිත් අය ඉස්සරහ ගොඩක් අපහසුතාවට පත් වෙලා කියලා එයාට පෙනුණු නිසා. ඒකට ටේගෙ අප්පාගෙ කට කොනකට හිනාවක් ආවා.

Not A Fairytale  |KthWhere stories live. Discover now