11.

121 37 9
                                    

"ආආආ…..හ් කිම් ටේහියොන් !!!!!!"

ජින් හයියෙන් කෑගැහුවෙ ටේ තුන්වෙනි පාරටත් කිරි බාල්දිය පෙරලගන්නකොට.  හැමදාම ටිකක් වෙලා කිරි දොවාගෙන යනකොට එළදෙන චුට්ටක් හෙලවෙනකොට ටේ බය වෙනවා. ඉතිං ඒකෙන් ගොඩක් වෙලාවට උනේ ටේගෙ අත වැදිල ටේ අමාරුවෙන් දොවා ගත්ත කිරි චුට්ටත් බිමට පෙරලෙන එක.

" මොන මගුලක්ද හියුන් මේ!! මට නන් බෑ තවත් මේක කරන්න…"

" ඔය හරකා ඔයාව කන්නේ නෑ ටේ…බය නැතුව ඔය කිරි ටික හෙමීට දොවා ගන්න"

ජින් කිව්වෙ වාඩි වෙලා හිටපු පොඩි බංකුවත් පැත්තටකට විසික් කරන ගමන්  එළදෙන ගාවින් නැගිටින ටේ දිහා බලන් .

" ඒ උනාට එක පාරටම ඔය කකුලක් උස්සල මගේ මූණට එකක් ඇන්නොත් එහෙම මං මොකක්ද කරන්නෙ ආ??."

පොඩි ළමයෙක් වගේ අත පය එහෙට මෙහෙට විසි කරන ගමන් ටේත් කෑ ගැහුවෙ එයාට මේ කිරි දෙවිල්ල දැන් තිත්ත වෙලා තිබ්බ නිසා.

"අයියෝ හරක් එහෙම නිකම්ම අනින්නේ නෑ ටේ.."

"මෙයාට කියලා වැඩක් නෑ සූයොන් "

"අනිත් එක බලන්නකො මෙයා හරිම හීලෑයි නේ."

සූයොන් කිව්වෙ ටේ බය වෙලා දඟලන කිරි එළදෙනගේ ඔලුව අතගාන ගමන් .

" ඔයා එයාට කියලා පාරක් ඇන ගන්නකෝ සූ…එතකොට තේරෙයි ඔයාට"

"ටේ?"

එළදෙන එක්ක කේන්තියෙන් කතා කරන ටේට ජින් කතා කලා.

" ටේ තමා මොකෝ?"

ටේත් කිව්වෙ එළදෙනට රවන ගමන් .

" මංද දැන් ඔයාව මෙතනට බලෙන් ඇදගෙන ආවෙ ආ?"

"නෑහ්"

" ඔයාම නේද  පැනගෙන ආවේ ෆාම් එකේ වැඩ කරන්න ඕනේ කියලා ?"

"ඔ ඔව්.."

ටේ කිව්වෙ එයාගෙ සද්දේ පොඩ්ඩක් අඩු වෙනකොට .

" ඔව් නන් ඉතිං මොකක්ද මේ කරන්නේ?? සතියක් ගියා ඔයාට තාම කිරි ටිකක් දොවා ගන්න බෑ…"

ජින් දිගටම කියවන් ගියේ ටේගෙ මූණ දෙක වෙනකොට .

" ඔයා මේ සතියට මට කොච්චර පාඩු කලාද කියලා දන්නවද ?.. බිත්තර කූඩයක්ම බිම දැම්මා.කිරි බාල්දි දහයකට වඩා හලා ගත්තා . මගේ අලුත්ම පැළ තවාන උඩට විල්බැරෝ එක වැට්ටුවා. පොකුණ ඇතුලට කිලෝ එකක විතර මාළු කෑම පැකට් එකක්ම හැලුවා.බිල්ගෙ ආසම බුරුසුව නැති කලා තව……"

Not A Fairytale  |KthWhere stories live. Discover now