09.

119 39 4
                                    

කෑම ලෑස්ති කරලා ඉවර වෙනකොට ඉන්හා සූයොන් දෙන්නා හොඳ යාලුවෝ උනේ දෙන්නම එකම විදිහේ කෙල්ලො දෙන්නෙක් උන නිසා.සූයොන් එයා කියපු දේට ඉන්හාගෙන් සමාව ගත්තා උනත් ඉන්හා නන් කලේ ඒක මතක් කර කර හිනා වෙන එක.අන්තිමට සූයොන්ටත් එයා හැසිරුණු විදිහ විහිලුවක් උනා.

" මෙන්න සූයොන් මේකත් ඔතනින් තියන්න"

ඉන්හා කිව්වෙ කුස්සියෙ ඉඳලා ඇවිල්ලා තව කෑම භාජනයක් සූයොන් අතට දෙන ගමන්. දෙන්නත් එක්ක එකතු වෙලා හදපු කෑම ටික ඒ දෙන්නා මේසෙන් පිලිවෙළට තිබ්බා.

"කෝ මේ කට්ටිය?"

සූයොන් ඇහුවේ සාලෙ ටේ ජින් ජිමින් තියා අඩුම තරමෙ වුන් වත් පේන්න හිටියේ නැති නිසා.

"අප්පලා අන්කල්ලා පුතාලා කොහෙ හරි පිස්සුවක් කර කර ඇති… චුට්ටක් එලියේ බලමු සූයොන් "

සූයොන්ට එහෙම කියපු ඉන්හා සූයොන් එක්කම ඉස්සර දොර ගාවට ගිහින් එළිය බැලුවා.එයාල එතකොටම දැක්කේ ලොකු හිම බෝලයක් එයාලගෙ ඉස්සරහින් විසික් වෙලා යන හැටි .

"ආශ්…ජිමිනා!!!"

ටේ කෑගැහුවෙ ඒ උඩින් විසි වෙලා ආපු හිම බෝලේ එයාගෙ ඇඟට වැටුණ නිසා.

" මට දුන්න ෂොට් එකට ටේයා.."

"මෙන්න වුන් …මේකෙන් ඔයාගෙ අප්පට තරු පේන්නම පාරක් දෙන්න..ආයෙ ඔයාට ඔහොම චාන්ස් එකක් එන්නේ නෑ"

සෙල්ලම් කරන්න පටන් ගත්තට පස්සෙ ටේ වුන් දෙන්නා හොඳ යාලුවෝ උනේ ජිමින්ව අසරණ කරලා.

"ඒත් තේ අන්තල් මත එත්තල ඈතත මේත විති තලන්න බෑලේ.."

වුන් කිව්වෙ ටේ එයාට හදල දුන්න වුන්ටත් වඩා ලොකු හිම බෝලේ දිහා බයෙන් බලාගෙන.

" ඩෝන්ට් වොරි බබා…අන්කල් ඔයා වෙනුවෙන් ඒක කරන්නම්"

ලොකු හිම බෝලේ ටේ ජිමින් දිහාට අත් දෙකෙන්ම උස්සල වීසි කලේ එයාගෙ සම්පූර්ණ ශක්තිය දාලා.

ඒත් ටේගෙ හිම බෝලේ ජිමින් දිහාවට එනකොටම ජිමින් එහාට පැන ගත්තේ ඒ හිම බෝලේ කෙලින්ම ගිහිල්ලා පැත්තකට වෙලා පාඩුවෙ මෙයාලගෙ සෙල්ලම දිහා බලන් හිටිය ජින්ගෙ ඔලුව උඩටම පතබෑවෙනකොට.

Not A Fairytale  |KthWhere stories live. Discover now