"මේ කොහෙද ටේ?"
ටේ සූයොන් ජින් තුන් දෙනා හිටියේ ටේලගෙ ගෙදර ප්‍රමාණයේම ගෙදරකට ඇතුල් වෙන පොඩි ගේට්ටුවක් ඉස්සරහා.
" ඉන්නකො ඉන්නකො චුට්ටක් …හියුන්, අපි ගේට්ටුව ඇරගෙන ඇතුලටම යමුද?"
ටේ කිව්වෙ සූයොන්ගෙ බෙල්ල වටේට ඔතලා තිබ්බ ස්කාෆ් එක හරි ගස්සන ගමන් .
"ඒක තමයි මාත් මේ බැලුවේ.."
"කොහෙද අනේ මේ…මොනාද ඔයාලා කරන්න හදන්නෙ ??"
සූයොන් ඇහුවේ ටේ ජින් දෙන්නා කතා වෙන කිසි දේක අගක් මුලක් එයාට තේරුන් ගන්න බැරි නිසා.
" එන්නකෝ අපි ඇතුලට යමු"
ජින්ගෙ ඉන ගාවට විතර තිබ්බ පොඩි ගේට්ටුව ඇතුලට තල්ලු කරලා ඇරලා වත්තට ඇතුල් උනු ජින් පස්සෙන් ටේත් සූයොන්ගෙ අතින් ඇදගෙ ගියේ සූයොන්ට උත්තරයක් නොදීම .
" අපි ආවා උදේ වැඩිද මංදා හියුන්…තාම දහයට වත් නෑ "
"ම්ම්…අද ඉරිදා නිවාඩු දවස නිසා තාම නිදි ඇති සමහරවිට "
ජිනුත් කිව්වෙ ඔලුව උඩට පහලට වනන ගමන් .
"අපි තට්ටු කරලම බලමු හියුන්.. එතකොට ඒ සද්දෙට හරි ඇහැරෙයි නෙ"
"ඔව්…නැත්තම් ආපු එකත් අපරාදෙ "
ටොක්! ටොක්!! ටොක්!!!
ජින් දොරට තට්ටු කලා.
"ඔහ්..වුන්.."
දොර ඇරියේ අවුරුදු තුනක විදිහට පොඩි ළමයෙක් .
" ඕ…මේ ජින් අන්තල් නේ..ගුම්මෝනින්"
" ගුඩ් මෝනින් ගුඩ් මෝනින් පැටියෝ… කෝ ඔයාගෙ ඔම්මා??"
" ඔම්මා උදේට කෑම උයනවා"
පොඩි එක්කෙනා කටත් උල් කරන් ජින් එක්ක කතා කරන හැටි ටේ සූයොන් දෙන්නා බලාගෙන හිටියේ ආසාවෙන්.
" වුන්… කවුද ආවේ?"
එහෙම කියාගෙනම ගේ ඇතුලේ ඉඳන් එතනට ආවෙ ලොකු හැන්දකුත් අතේ තියාගෙන හිටපු තරුණ ගෑනු ළමයෙක් .
"ආ..ජින් ඔප්පා… ගුඩ් මෝනින්.. උදෙන්ම මොකද මේ?? ."
කෙලින්ම ජින් දිහා බලපු ඉන්හා ඇහුවා.
YOU ARE READING
Not A Fairytale |Kth
Fanfictionසමහර ආදර කතාත් රෝස මල් වගේ. එකම විදිහේ එකම පාට එකම හැඩේ රතු රෝස මල්. ඒත් ගොඩක් අය නොදන්න ලස්සනම ආදර කතා මහ ගොඩක් හැංගිලා තිබ්බේ රෝස මලේ සිනිදු රතු පාට පෙති වලට යටින් තිබ්බ නපුරු කටු අතරේ... ඒවා වෙනස්. ගොඩක් වෙනස්. විස වලින් නම් කිසිම අඩුපාඩුවක් නැති...