28.

127 31 15
                                    


ටේ හිටගෙන හිටියේ හොස්පිට්ල් එකේ රිසිප්ශන් එක ඉස්සරහ. ටේ හිටියේ ටිකක් කලබලකාරී පෙනුමකින්.

" මෙන්න සර් ඔයාගේ නම්බර් එක "

රිසිප්ශන් එකේ හිටපු ගෑනු ළමයා එහෙම කියලා ටේගේ අතට කාඩ් එකක් දුන්නා.

" තැන්ක් යූ... "

ගෑනු ළමයා දුන්න කාඩ් එක  අතට ගත්ත ටේ ඉක්මනට රිසිප්ශන් එකට ටිකක් එහායින් සූයොන් වාඩි වෙලා හිටපු තැනට ඇවිදගෙන ගියා.

" සූ...."

බඩත් අල්ලගෙන ටිකක් පාත් වෙලා වගේ වාඩි වෙලා ඉන්න සූයොන් ගාවින් ටේ වාඩි උනේ සූයොන්ට කතා කරන ගමන්මයි.

" ම්... "

" මං නම්බර් එකක් ගත්තා. තව චුට්ටකින් ඩොක්ටව හම්බවෙන්න පුළුවන් වෙයි. "

ටේ කිව්වේ අතේ තිබ්බ කාඩ් එක සූයොන්ට පෙන්නලා.

" හ්ම්... "

සූයොන් ටේට උත්තර දුන්නේ හිමීට.

" ඔයාට ගොඩක් අමාරුයිද ? "

ටේ ඇහුවේ සූයොන්ගේ වේදනාවෙන් පිරුන මූණ දිහා බලන ගමන්.

" ම්හ්... ගොඩක් රිදෙන්නේ නෑ ටේ......"

" සූ ඇත්තටම මං මේ දන්නේ නැති නිසා අහන්නේ. ඔයාට ෂුවර් නේද බඩ රිදෙන්නේ අර නිසා නෙවෙයි කියලා ?  මං ඇහුවේ අර ගෑනු ළමයින්ට ....."

ටේ බෙල්ලත් කසන ගමන් වටෙන් ගිහින් අහන්නේ මොකක්ද කියලා තේරුන් ගත්ත සූයොන් ලාවට හිනා වෙලා දෙපැත්තට ඔළුව වැනුවේ නෑ කියලා.

" ම්... එහෙනම් ? "

" ම්හ් "

සූයොන් එහෙම කියලා එයාගේ උරහිස් දෙක ඇකිලුවා.

" ඇපෙන්ඩිසයිටිස්ද මන්දා "

කම්මුලකට අතකුත් තියා ගෙන ටේ කල්පනාකාරී විදිහට ඇහුවේ ඇහි බැමි දෙක ළං කර ගන්න ගමන්.

" ඇපෙන්ඩිසයිටිස් වලට යටි බඩ රිදෙන්නේ නෑ ටේ... "

ටේගේ මෝඩ කතා වලට අමාරුවෙන් උනත් ආයෙත් හිනා උන සූයොන් අත් දෙකම බඩට තද කර ගන්න ගමන් එයාගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටිය ටේගේ උරහිසෙන් ඔළුව තියා ගත්තා.

Not A Fairytale  |KthWhere stories live. Discover now