31

132 22 5
                                    


සැප නින්දක හිටපු ටේ නින්දෙන් ඇහැරුනේ වෙනදට නැති අමුතුම සද්ද බද්ද ටිකක් එයාට ඇහුන නිසා . සද්දේ ආවේ කුස්සිය තිබ්බ පැත්තෙන් . අඩ නින්දෙන්ම ඇඳ උඩ වාඩි උන ටේ එයාගෙ රූම් එකේ කුස්සිය තිබ්බ පැත්ත බැලුවා .

ටේට පෙනුනේ වෙන කවුරුත් නෙවෙයි එයාගෙ සූයොන්ව. කුස්සියට වෙලා ලොකු වැඩක හියපු සූයොන්ගෙ රූපේ ඊයේ රෑ උන කිසිම දෙයක් හීනයක් නම් නෙවෙයි කියන එක ටේට තහවුරු කලා. සූයොන්ගෙ රූපේ පාන්දරම ටේගෙ මූණට ගෙනාවේ ලස්සන හිනාවක් .

තවත් වාඩි වෙලා ඉන්නේ නැතුව ඇඳෙන් නැගිටපු ටේ හිමීට හිමීට සූයොන්ට නොදැනෙන්න සූයොන්ගෙ ළඟටම ගියා. ටේගෙ පොඩි ගෑස් ලිපත් ඔන් කරගෙන හදන කෑම එකට සම්පූර්ණ අවදානෙ දීලා හිටපු සූයොන්ට ටේ එයා ගාවට එනවා තේරුනේ නෑ. ටේ හොරෙන්ම ගිහින් ටේට පිටුපාලා ඉන්න සූයොන්ව පිටිපස්සෙන් තුරුල් කර ගත්තා .

" ගුඩ් මෝනින් ලව් ... "

ඇස් වලට කෙලින්ම නොපෙනුනාට සූයොන්ගෙ වටේ උණුහුමට එතුන අත් වල අයිතිකාරයා කවුද කියලා දැනගෙන හිටපු සූයොන්ගෙ මූණටත් ආවේ හරි අහිංසක හිනාවක්.

" ගුඩ් මෝනින් ටේ.. "

" අහම්.. මගේ ලස්සන වයිෆ් උදෙන්ම වැඩ වගේ... "

ටේ එහම කිව්වාම සූයොන් බෙල්ල හරවලා ටේගෙ මූණ දිහා බැලුවා .

" වයිෆ් ? "

" ම්... වයිෆ් ටු බී "

ටේ එහෙම කිව්වම සූයොන්ට හයියෙන් හිනා ගියා.

" ඔයාට නන් පිස්සු ටේ... "

" පිස්සු තමා... අඬලා අඬලා ඊයේ කීයටද ඔයා නිදියගත්තේ ? මට මතක ඔයාගෙ ඇඬිල්ල නතර කරන්න ඔයාව තුරුල් කරගෙන මාත් හාන්සි උනා කියලා විතරයි . එහෙම්මම නින්ද ගිහින් මම දන්නෙත් නෑ... ඔයා නන් ඇත්තටම මහ අඬන බබෙක් සූ "

ටේගේ කතාවට ලැජ්ජ හිතුන සූයොන් හිමීට ටේගේ බඩට වැලමිටෙන් ඇන්නම ටේ හිනා උනා.

" මාත් ලොකු මහත්තයව අල්ලගන්න තමයි හිටියේ.."

" මං මොකක්ද කලේ ? "

Not A Fairytale  |KthWo Geschichten leben. Entdecke jetzt