30.

113 26 11
                                    


" සූයොන් ! "

ඈතින් ටේ කෑගහන සද්දේ ඇහුනත් ආපහු හැරිලා පිටිපස්ස බලන්නේ නැතුව සූයොන් දිගටම දිව්වා. මෙච්චර වෙලා කළු කරලා තිබ්බ අහසින් හීනි වැහි පොදයක් වැටෙන්න ගත්තත් ඒක ගනන් ගන්නේ නැතුව සූයොන් දිගටම ඉස්සරහට දුවගෙන ගියා. සූයොන්ට ඕනේ උනේ ටේගෙන් ඈතකට පැනලා යන්න . ඒ ඇයි කියලා කියන්න සූයොන්ට තේරුමක් නැති උනත් සූයොන් එයාට පුළුවන් වේගෙන් තවත් දුවගෙන ගියා.

සෑහෙන්න දුරක් දුවගෙන ආව සූයොන්ගේ දිවිල්ල අන්තිමට නතර උනේ කකුල් දෙකට දරා ගන්න බැරි තරමේ වේදනාවක් එක්ක සූයොන් පාරෙම බිම ඇදගෙන වැටුනට පස්සේ.

" ආහ්! "

වේදනා දෙන කකුලක් එක අතකින් අල්ලගෙනම අමාරුවෙන් නැගිටින ගමන් සූයොන් හිමීට ඔළුව උස්සලා ලැජ්ජාවෙන් වටපිට බැලුවේ දැනටම පාරේ මිනිස්සු කී දෙනෙක් කටවල් ඇරගෙන සූයොන් දිහා බලාගෙන ඇතිද කියලා හිතන ගමන්. ඒත් එක්කම සූයොන්ගේ ඇස් පුදුමෙන් ලොකු උනේ සූයොන් හිතපු විදිහට සූයොන් දිහා බලාගෙන ඉන්න මිනිස්සු කෙසේවෙතත් පාරේ එකම එක මනුස්සයෙක්වත් පේන්න හිටියේ නැති නිසා.

නොදැනුවත්වම සූයොන් ඇවිල්ලා තිබ්බේ සෝල් නගරේ තිබ්බ පාළු පැත්තකට. රෑ කළුවරේ සූයොන් මීට කලින් කවදාවත්ම දැකලා නැති , ඇවිල්ලා නැති මේ පාළුවට ගිහින් තියෙන පළාතේ තිබ්බ මූසල, ගුප්ත ගතියට සූයොන්ව ඉබේම වෙව්ලලා ගියා.

සූයොන් කරන්නේ මොකක්ද කියලා කල්පනා කරන්නත් කලින් මෙච්චර වෙලා ලාවට වැටුන වැස්ස වැඩි උනේ ගල් කැට වගේ ලොකු වැහි බිංදු කිසිම අනුකම්පාවක් නැති විදිහට සූයොන්ගේ ඔළුව උඩට අතාරින ගමන්. පාරේ තැන් කීපයක තිබ්බ ලයිට් කණු කීපයක තිබ්බ එළිය ඇරෙන්න මුලු පරිසරයෙම තිබ්බේ ලොකු අඳුරක්. තවත් මෙතන පාරේ මැද්දේ හිටගෙන ඉන්න එක මෝඩකමක් කියලා තේරුන සූයොන් එන ඕන දේකට මූණ දෙන බලාපොරොත්තුවෙන් කළුවරේ වැස්සෙම තව ටිකක් ඉස්සරහට යන්න තීරණය කලා.

" අහ්.. හහ් ..."

ටික දුරක් තරමක වේගෙකින් ඇවිදගෙන ආව සූයොන් තත්පර කීපයක් නතර උනේ හුස්ම ගන්න අපහසුවක් දැනුන නිසා. සූයොන්ට දැනුනේ ලොකු මහන්සියක්. තෙහෙට්ටුවක්. ඒ මදිවට සූයොන්ගෙ ඇඳුම් සේරම වැස්ස නිසා තෙත් වෙලා . වැස්සෙ තෙමි තෙමීම පාත් වෙලා අත් දෙකත් දනිස් දෙකට බර කරගෙන හති අරින ගමන් හිටපු සූයොන් එක පාරටම මතක් උන දෙයක් නිසා අකුණක් ගැහුවා වගේ ආයෙත් පිටිපස්ස හැරිලා බැලුවා.

Not A Fairytale  |KthWhere stories live. Discover now