20.

112 34 2
                                    

" අප්පා, මට හෙට ක්ලිනික් එකට යන්න ඕනේ.."

රෑ කෑම අරගෙන ටීවි එක බල බල හිටපු අප්පා ගාවට එහෙම කියාගෙන ආවේ ජියා.අප්පාට ටිකක් එහායින් වාඩි වෙලා හිටපු ටේ වගේම සූයොනුත් ජියා දිහා බැලුවේ ඒ මොකද කියලා.

" හදිස්සියේම ඇයි  ? "

අප්පා ඇහුවේ ටීවි එකෙන් එයාගෙ ඇස් අයින් කරලා .

" මං ඩේගු වල ඉන්න හොඳම ස්පෙශලිස්ට් කෙනෙක්ට අපොයිමන්ට් එකක් දැම්මා."

ජියා ටිකක් සද්දෙන් කිව්වෙ ඒක හොඳට සූයොන්ට ඇහෙන්නත් එක්කම.

" කීයටද දැන් යන්න තියෙන්නේ ? "

අප්පා කිව්වෙ හුස්මක් පහලට දාලා. ජියාගේ මේ හැසිරීම කවදා නතර වෙයිද කියලා අප්පා කල්පනා කලා.

"හෙට උදේ අටට "

" ඒත් අප්පා මං හෙට වෑන් එක අරගෙන ටවුන් යන්න හිතාගෙනනේ හිටියේ .."

ජියාගෙ කතාව ඇහුනම ටේත් ඒ කතාව මැදට පැන්නා.

" ඒ මොකටද ? "

අප්පා ඇහුවේ ටේ දිහා බලලා.

" මං ෆාම් එකට ඕනේ පොහොර ඕඩර් එකක් දැම්මා අප්පා. හෙට තමයි ඕඩර් එක හම්බවෙන්නේ.. "

" ඔයා වෙන දවසක යන්න ටේහියොන් . ඔයා දන්නේ නෑ අපි කොච්චර අමාරුවෙන්ද කියලා ඒ ඩොක්ටර්ව කන්ටැක්ට් කර ගත්තේ…"

පැත්තක හිටපු සේරාත් කිව්වෙ ටේ සූයොන් දෙන්නාම දිහා බලන් .

" එහෙම බෑ සේරා ඔම්මා හෙට ඒ ඕඩර් එක ගත්තේ නැත්තම් ඒ මනුස්සයා ඒ ටික වෙන කාටහරි විකුණනලා දායි "

" යන්න ටේහියොන් බොරු නොකිය… ඔයාට ජෙලස් නේද මං විතරක් ක්ලිනික් යන එකට "

ජියා එහෙම ඇහුවම හැමෝම ජියා දිහා බැලුවා.

" විකාර කියවන්න එපා ජියා… මං මොන එහෙකටද ඔයා ක්ලිනික් යනවට ජෙලස් වෙන්නේ ? "

ටේ ඇහුවේ ජියා කියන දෙයක් එයාට තේරුනේ නැති නිසා.

" ඇයි ඉතිං ඔයාගේ ඔය සූ…..ට මට වගේ ස්පෙශලිස්ටලා නෑනේ…"

ජියා කිව්වෙ ඇද කරන ගමන්.

" සූට ඕනේ ස්පෙශලිස්ට් කෙනෙක් නෑ ජියා. එයායි බබායි දෙන්නම ගොඩක් හොඳින් ඉන්නවා කියලා ගිය සතියේ ඩොක්ටර් මීට් උන වෙලාවේ කිව්වා "

Not A Fairytale  |KthWhere stories live. Discover now