18.

110 35 6
                                    

කාලයත් එක්කම ගොඩක් දේවල් වෙනස් උනා.ලොකුම වෙනස උනේ ජින් ජූහි දෙන්නා ඉක්මනිනම විවාහ උන එක. ජින් වගේම ජූහිත් කැමති උනේ ගොඩක් චාම් විවාහ උත්සවයකට. ඉතිං ඒ දෙන්නා පවුල් දෙකේම ළඟම නෑදෑයන් කීප දෙනෙක් විතරක් සහභාගී කරගෙන හරිම සරල විදිහට පල්ලියේ පොඩියට විවාහ උත්සවයක් ගත්තා.

 ජින් ජූහි දෙන්නා විවාහයෙන් පස්සේ ජූහිගේ ගෙදර නතර වෙන්න තීරණය කලේ ජූහිත් නැති උනොත් කාත් කවුරුත් නැතුව වයසක මිසිස් හන් ඒ ගෙදර තනි වෙනවා කියලා හැමෝම දැනගෙන හිටිය නිසා. ගෙදර අනිත් අයව දාලා එන්න කොච්චර දුක උනත් ජින් ඒ තීරණයට අකැමති උනේ නැත්තේ මිසිස් හන් කියන්නේ ගොඩක් හොඳ කෙනෙක් නිසා වගේම එයා ජින්ට එයාගෙම පුතෙක්ට වගේ සලකපු නිසා. ඇත්තටම මිසිස් හන් සේරා වඩා නන් ගොඩක් ආදරෙන් ජින්ට සැලකුවා.

වෙන කරන්න දෙයක් නැති කමට අප්පා ජින් ගෙදරින් යනවට බොහොම අමාරුවෙන් උනත් හිත හදා ගත්තා.සේරා නන් ගොඩක් සතුටු උනේ එයාට තිබ්බ ලොකුම බාධකයක් අයින් උනා කියලා .

ටේ වගේම සූයොන්ටත් ජින් ගෙදර නැති අඩුව ගොඩක් දැනුනා. කාලෙත් එක්ක ටේ සූයොන් දෙන්නා ජින් නැතුව ගෙදර වැඩ කරගෙන යන්න ටික ටික පුරුදු උනා. ජිනුත් නැති නිසා ගෙදර බර වැටුනේ ටේගේ කර උඩට. ඒක ටේට ලොකු වගකීමක් උනා.

ජින් පුරුදු විදිහටම දිගටම ෆාම් එකේ වැඩ කරන්න ආව නිසා ටේ සූයොන් දෙන්නාට ෆාම් එකෙදි ජින්ව හම්බවෙන්න, කතා කරන්න අවස්ථාවක් ලැබුනා.

ඒත් සූයොන්ට නම් ටික කාලෙකින් ඒ අවස්ථාව නැති වෙලා ගියේ මාස අටකට කිට්ටු උන සූයොන්ගෙ බඩත් එක්ක තව දුරටත් සූයොන්ව ෆාම් එකට එක්කගෙන යන්න ටේ අකමැති උන නිසා. මුලදී සූයොන් ඒකට ගොඩක් විරුද්ධ උනත් සූයොන් ගෙදර නතර උනාට පස්සේ ටේ ජින් දෙන්නා හැමදාම දවල් කෑම සූයොන් එක්ක ගන්න ගෙදර ආව නිසා සූයොන් අන්තිමට ගෙදර ඉන්න කැමති උනා.

එදා ටේ වගේම ටේගේ අප්පත් ගෙදර හිටියේ එයාලා නිවාඩුවක් ගන්න සතියේ එකම දවස ඉරිදා නිසා.සේරා ජියාත් එක්ක කතා කරන ගමන් කුස්සියට වෙලා කෑම වගයක් උයනකොට ටේගේ අප්පා එලියේ තිබ්බ පුටුවකට වෙලා පත්තරයක් බලනගමන් හිටියා.

Not A Fairytale  |KthWhere stories live. Discover now