08.

133 36 3
                                    


"ඒ කියන්නේ ඔයාලා දෙන්නාටම ඔයාලගෙ ජොබ් නැති උනා.."

සේරමලා වාඩි වෙලා හිටියේ ජිමින්ගෙ ගෙදර සාලේ .උදේ වරුවක උනත් ඉන්හා ගිනි උඳුන පත්තු කලේ තිබ්බ තරමක සීතල ගතිය නිසා.

"ඔව් ජිමිනා..."

ටේ ජිමින්ට කිව්වෙ ඉන්හා අතින් හදපු රස උණුසුම් කොකෝවා කෝප්පයක් තොල ගාන ගමන්.සූයොනුත් ටේටෙ ටිකක් එහායින් ටේට හේත්තු වෙලා වාඩි වෙලා කොකෝවා කෝප්පයක් අතේ තියාගෙන හිටියා. පුංචි වුන් හිටියේ ජින්ගෙ උකුලෙන් වාඩි වෙලා ජින්ගෙ කෝප්පෙන්ම කොකෝවා චුට්ට චුට්ට බොන ගමන් .

" ඉතිං සේරම දමලා ගහලා ඩේගු ආවා?"

"ම්ම්…"

" ජොබ් එක නැති උනා කියලා මෙහේ ආවෙ ඇයි ටේ…ඔයාලට සෝල් වලම ජොබ් එකක් හොයා ගන්න තිබ්බා නේ.."

ටේ හුස්මක් පහලට දැම්මේ එයාලට කොහෙන් ගියත් අන්තිමට අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙනවා කියලා තේරුන් අරගෙන.

" ජිමිනා, ඇත්තටම මේකයි.."

"ඕ…කියපන්…"

ටේ දැනගෙන හිටියා දැන් එයාට හොඳටම ජිමින්ගෙන් අහ ගන්න වෙනවා කියලා .

"සූයොන් ඔම්මා කෙනෙක් වෙන්නයි යන්නේ.."

සාලේ පුරා පැතිරුනේ තප්පර කීපයක නිහඬ බවක්.

" යා….කිම් ටේහියොන්!!! දැන් නන් ඇත්තමයි මට හිතෙන්නෙ තමුන්ගෙ බෙල්ල ගලවලා අතට දෙන්න"

වාඩි වෙලා හිටපු සෝෆා එකෙ තිබ්බ පොඩි කොට්ටයක් ටේගෙ ඇඟට විසි කරන ගමන් ජිමින් කිව්වෙ ටේ මේ කියන දේවල් හිතා ගන්න බැරුව .

" අනේ මංද ජිමින් මෙයා නන්..මෙච්චර වැදගත් දෙයක් කියන්න මෙච්චර වෙලා හිටපු හැටි"

ඉන්හාත් කිව්වෙ තව කොට්ටෙකින් ටේට ගහලා.

" මැචින් කපල්" 

ජින් ජිමින් ඉන්හා දෙන්නාට හිනා වෙවීම කිව්වෙ ටේ ඒ දෙන්නාගෙන් කොට්ට පාරවල් කාපු හැටි බලන් ඉඳලා .

" සූව බලා ගන්න සෝල් වල කවුරුත් නෑ ජිමිනා"

" ඉතිං ඒකට ඩේගු ආවේ ඇයි? සේරා ආන්ටිගෙත් හැටි දැනගෙන ?..ඔයාලට තිබ්බේ සූයොන්ගෙ ෆැමලි එක ගාවට යන්නනේ.."

Not A Fairytale  |KthWhere stories live. Discover now