25.

108 35 9
                                    



" බබාලා දෙන්නා නිදිද ? "

සාලේ සෝෆා එකේ වාඩි වෙලා හිටපු ජින් ඇහුවේ කාමරේ ඉඳලා සාලෙට ආපු ටේගෙන්.

" අම්මෝ ඔව් හියුන් . මං දැනගෙන හිටියේ නෑනේ බබාලව නිදි කරවන එක මෙච්චර අමාරු වැඩක් කියලා "

ටේ ජින්ගේ ඉස්සර තිබ්බ පුටුවකින් වාඩි උනේ නළලේ තිබ්බ දාඩිය පිහදා ගන්න ගමන්.

" ඔය තාම පටන් ගත්තා විතරයි ළමයෝ.. ඉස්සරහට බලන්නකෝ.."

ජින්ට ටිකක් එහායින් සෝෆා එකේ වාඩි වෙලා හිටපු මිසිස් හන් එහෙම කියලා හිනා උනාම ටේ හිනා වෙලා අත් දෙක ඔළුවේ ගහ ගත්තා.

" තාම සතියයි … ටේට දැන්මම එපා උනාද? "

ජින් ඇහුවේ හිනා වෙලා .

" හිනා තමයි ... ඉන්නකො මං කියන්න ජූහි නූනාට ඉක්මනට බබෙක් ගේන්න කියලා . එතකොට බලමු කවුද හිනා වෙනේ කියලා "

ටේ බොරුවට ඔරවලා එහෙම කිව්වම ජින්ට වගේම මිසිස් හන්ටත් හිනා ගියේ ටේගෙ මොන්ඩිසෝරි කතාවට.

" ඔව් ඔව් .. කියලා බලන්නකෝ ජූහි නූනාට"

ජින් කිව්වෙ අමාරුවෙන් හිනාව නතර කර ගන්න ගමන් .

" ඒක නෙවෙයි .. මේ දවස් ටිකේ හියුන්ටත් කරදරේ නේද … මේ සතියෙම මට ෆාම් එක පැත්තටවත් එන්න බැරි උනා බබාලගෙ වැඩ එක්ක ."

ටේ කතා කලේ කනගාටුවෙන් .

" මං එක පාරකුත් ඔයාට කිව්වා ඕක ගැන කියවන්න එපා කියලා… ඔයා එන්න කලින් අවුරුදු ගානක් කොහොමත් මම තමයි තනියම ෆාම් එක බලා ගත්තේ කිම් ටේහියොන් ."

ජින් කිව්වෙ ඇත්තටම .

" ඒත් එහෙම බෑ නේ..  මට හිතා ගන්න බෑ මොකක්ද කරන්නේ කියලා "

" හිතා ගන්න බෑ කිව්වෙ ? "

ජින් ඇහුවේ ඇහි බැමක් උඩට උස්සලා.

" නෑ ඉතිං සූව තනියම බබාලා දෙන්නා එක්ක දාලා එන්නත් බෑ.. ෆාම් එකේ වැඩ තනියම හියුන්ට කරන්න දෙන්නත් බෑ. "

" ටේ පුතයි සූයොන් දුවයි අකමැති නැත්තම් බබාලව බලාගන්න උදව්වට කාව හරි ගෙන්නගන්න "

Not A Fairytale  |KthOnde histórias criam vida. Descubra agora