13.

118 33 7
                                    


"ඕක ඔතනින් පරිස්සමෙන් තියන්න ටේ.."

ජින් කිව්වෙ එයාලගේ පොඩි වෑන් එකට බිත්තර පුරවපු පෙට්ටියක් පටවන ටේට.

ජින් මේ වෑන් එක පාවිච්චි කලේ එයාලගෙ ෆාම් එකේ දේවල් මාකට් එකට අරගෙන යන්න. ඒ වෑන් එක කලින් එයාලගේ අප්පාගෙ උනත් එයා ඒකෙන් වැඩක් ගන්නේ නැති නිසා ෆාම් එකේ වැඩ වලට වෑන් එක ජින්ට දුන්නා.එච්චරම අලුත් පන්නයේ නොවුණත් වෑන් එක පාවිච්චි කරන්න පුලුවන් මට්ටමක තිබ්බා.වෑන් එකේ ආසන කීපයක් විතරක් ඉතුරු කරලා අනිත් ආසන ටික අයින් කරලා තිබ්බේ ෆාම් එකේ බඩු පටවන්න පුලුවන් වෙන්න.

" හරී…ඔන්න ඉවරයි"

අන්තිම බිත්තර පෙට්ටියත් වාහනේට පටවපු ටේ ජින්ට කිව්වා.

" කෝ සූයොන් ?"

ජින් ඇහුවේ අද ගමනට ටේ සූයොන් දෙන්නාත් එයා එක්ක එන නිසා.

" එයා නන් මටත් කලින් ලෑස්ති වෙන්න පටන් ගත්තේ හියුන් ." 

" අහ් කියනකොටම අර එන්නේ "

ජින් කිව්වෙ බඩට අතකුත් තියන් හෙමින් හෙමින් එයාලා ඉන්න දිහාවට එන සූයොන් දිහා බලලා හිනා වෙලා.

" අපි ඒත් බැලුවා කෝ ඔයා කියලා. තව ටිකක් බලලා දාලා යන්න බැලුවේ ."

සූයොන් ආපු ගමන්ම ජින් සූයොන්ට විහිලුවක් කලා.

" ටේ මාව දාලා යන්නේ නෑ ඔප්පා …"

ජින්ට හිනාවක් දාගෙනම සූයොන් ගිහින් ටේගෙ අතේ එල්ලුනා.

" ලෑස්ති වෙලා ඉවරයිද ම්?…"

ටේගෙ අතේ එල්ලිලා ඉන්න සූයොන්ව තුරුල් කර ගන්න ගමන් ටේ ඇහුවා.

" ඕ…ඉවරයි…සොරි මං පරක්කු උනා නන්. මෙයා එක්ක ඉතිං ඇඳුම් අඳින්න ගියාම ඉස්සර තරන් ලේසි නෑ."

සූයොන් ටේ ජින් දෙන්නටම කිව්වෙ එයා තාමත් එක අතක් තියාගෙන ඉන්න බඩ දිහා බලන් .

" එහෙම නෑ සූයොන් ..අපිත් මේ දැනුයි බඩු ටික පටවලා ඉවරයක් කලේ"

" එහෙනම් කමක් නෑ…අපි කීයටද මෙහෙන් යන්නේ ඔප්පා?"

"  බ්‍රෙක්ෆස්ට් එකත් අරන් ඉවර එකේ අපි දැන්මම යන්.."

Not A Fairytale  |KthWhere stories live. Discover now