12.

107 35 2
                                    

කාලය ගෙවිලා ගියේ ඇහිපිය ගහන වේගෙන්. සූයොන්ගෙයි ටේගෙයි පැටියා එයාලා ගාවට ඇවිත් දැන් මාස හයක්.මේ කාලේ ටේ සූයොන්ව පරිස්සම් කලේ හරියට මලක් වගේ. 

" මොනාද සූ ඔයා ඔය හොයන්නේ?.."

ටේ ඇඳේ හාන්සි වෙලා බලාගෙන හිටියේ සූයොන් ටේගෙ පොත් රාක්කේ අවුස්සන දිහා.

කාලය ගත වෙනවත් එක්ක උදේ ඉඳලා හවස් වෙනකන්ම ජින් එක්ක ෆාම් එකේ ගත කරන එක ටේට වගේම සූයොන්ටත් සාමාන්‍ය‍ය දෙයක් උනා. අදත් වෙනදා වගේම ටේ මේ හාන්සි වෙලා හිටියේ උදේ ඉඳලා වැඩ කරලා ඇවිල්ලා .

" මං මේ පොතක් හෙව්වා ටේ…"

"මේ රෑ මොන එහෙකටද පොත්?" 

ටේ ඇහුවෙ ඔරලෝසුවෙන් වෙලාව රෑ අටයි කියලා එයාට පේනකොට. 

" නිකන් ...මට එක පාරටම පොතක් කියවන්න හිතුනා."

සූයොන් කිව්වෙ පොත් රාක්කේ පොත් එකින් එක එලියට ඇදලා බලන ගමන් .

" මාර වෙලාවට ඔයාටත් පොත් කියවන්න හිතෙන්නේ සූ.."

" දැන් කියවන්නේ නෑ අනේ.හෙට ෆාම් එකට වෙලා ඉන්නකොට කියවන්න "

" නිකන් ඉන්නවට වඩා පොත් කියවන එක හොඳයි"

" ම්….ඔයාලා ඉතිං මට වැඩක් කරන්නත් දෙන්නේ නෑනේ"

සූයොන් ඇස් දෙක පුංචි කරලා ටේට කිව්වෙ ෆාම් එකේ වැඩ වලට එයා උදව් දෙන්න එනකොට ජිනුයි ටේයි දෙන්නාම සූයොන්ව එලවන නිසා.

"කවද ඉඳලද ඔයා පොත් කියවන්න ගත්තේ??"

ටේ කිව්වෙ සූයොන්ගෙ අමුතු හැසිරීම ගැන හිනා වෙන ගමන් .

" දැන් ඉඳලා …මේ මං තියාගෙන පරිස්සම් කරන්නේ ඔයාගෙම ළමයෙක් කියන්න ලොකුම සාක්ශියක් ඔන්න " 

සූයොන් ටේට එයාගෙ ඉස්සරහට ඇවිල්ලා තියෙන් බඩ පෙන්නන ගමන් කිව්වෙ ටේ ඒකට සද්දෙන් හිනා වෙනකොට.

මේ ගෙවුන මාස ගානට සූයොන් ටිකක් මහත් වෙලා තිබ්බා.ටේට සූයොන්ගෙන් නිතරම පෙනුනේ හරිම හිත නිවන පෙනුමක් .බඩට අතකුත් තියන් පොත් තෝරන සූයොන් දිහා ටේ ආසාවෙන් බලන් හිටියා.

Not A Fairytale  |KthWhere stories live. Discover now