21.

106 33 14
                                    

ටේ හිටියේ ටවුන් එකේ පොඩි කඩයක් ඇතුලට වෙලා.උදෙන්ම ජිමින් එක්ක ආවත් එයාට යන්න ඕන කරලා තිබ්බ ශොප් එක ටේ එනකොට ඇරලා තිබ්බේ නෑ. ඒ නිසා ටේ ශොප් එක ගාවින් බයික් එක නතර කරලා ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගියේ එතනටම වෙලා ඉන්න කම්මැලි හිතිලා.

තාම ගොඩක් උදේ උනත් ටවුන් එක එහෙට මෙහෙට යන මිනිස්සුන්ගෙන් පිරිලා තිබ්බා. සමහර අය එයාලගේ කඩවල් අරිනවා...සමහර අය බඩු ගන්නවා...තවත් අය කලබලෙන් වැඩට දුවනවා.හැමෝම ඉක්මනට තම තමන්ගෙ වැඩ කරන ගමන්.

මෙහෙම වට පිට බල බල ටිකක් ඉස්සරහට යනකොට ටේ දැක්කේ පොඩි බබාලගේ සෙල්ලම් බඩු විකුණන්න තියෙන පොඩි කඩයක්. ඒක දැකපු ටේගේ මූණට හිනාවක් ආවේ ඉබේමයි .

ටේට හිතුනා ඒ කඩේ ඇතුලට ටිකක් ගිහින් බලන්න.කඩේ දිහා බලාගෙනම ටේ එයාගේ කලිසම් සාක්කුවකට අත දැම්මාම ටේගේ අතට අහු උනේ එයාගේ පර්ස් එක. අප්පා දුන්න ඩෙබිට් කාඩ් එක ඒ පර්ස් එක ඇතුල් තියෙනවා කියලා ටේට මතක් උනා. හොඳ හුස්මක් ගත්ත ටේ කඩේ ඇතුලට ගියා.

" ගුඩ් මෝනින් සර්..."

ටේ කඩේට ඇතුල් වෙනකොටම කඩේ වැඩට හිටපු සේවකයෙක් ටේව පිළිගත්තේ හරිම ආචාරශීලි විදිහට.

" ගුඩ් මෝනින් ..."

ටේත් හිනා වෙලා කිව්වා.

ඇත්තටම ටේට ආයෙත් අලුතින් ගන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නෑ. ගිය මාසේ අන්තිම අප්පා එයාලගෙයි ජියාගෙයි බබාලා දෙන්නාටම ඕනෙ කරන දේවල් සේරම එයාලට අරගෙන දුන්නේ එයාලත් එක්කම ටවුන් එකට ඇවිල්ලා .

ඒත් මේ කඩේ දැක්ක ගමන් ටේට හිතුනේ තව මොනවහරි එයාගෙ පැටියට ගන්න ඕනේ කියලා.ළමයි වෙනුවෙන් කොච්චර වියදම් කලත් එයාලගෙ ඔම්මලාට අප්පලාට එක කරදරයක් , හිසරදයක් වෙන්නෙ නැත්තේ ඇයි කියලා ටේට ඒ වෙලාවේ තේරුනා. ටේ හිමීට ඇවිදගෙන ගියේ පුලුන් පුරවපු සෙල්ලම් බඩු තිබ්බ පැත්තට.

එතන එක එක විදිහේ එක එක ප්‍රමාණයේ පාට පාට පුළුන් පුරවපු සෙල්ලම් සත්තු වගේම බෝනික්කොත් හිටියා.ටිකක් වෙලා ආසාවෙන් ඒ දිහා බලාගෙන හිටපු ටේ අතට ගත්තේ ලස්සන බෝනික්කෙක්ව.රේන්ද වලින් හැඩ දාපු රෝස පාට හුරුබුහුටි ගවුමක් ඇඳගෙන හිටපු බෝනික්කාගේ මූණේ තිබ්බේ ලස්සන හිනාවක් .

Not A Fairytale  |KthWhere stories live. Discover now