වසර විස්සකට පසු....
වීදී ලාම්පු වලින් වැටෙන එළිය ඇරුනම පාර පුරාම පෙන්න තිබ්බේ ලොකු අඳුරක්. වෙලාව රෑ දොළහටත් කිට්ටුයි.
ටේ එයාට ඉස්සරහින් පේන්න තිබ්බ පොඩි ගෙදර ගාවින් එයාගේ කාර් එක නතර කලා.
" ඔන්න එහෙම නන් ආයෙත් සෝල් ! "
ලොකු හුස්මක් පහලට දාපු ටේ එහෙම කිව්වම මෙච්චර වෙලා ටේගේ එහා පැත්තේ ෂීට් එකෙන් වාඩි වෙලා, ෂටර් එකෙන් එලිය බලාගෙන හිටපු සූයොන් ටේ දිහා බලලා හිනා උනා.
" ගොඩක් දේවල් වෙනස් වෙලා නේද ටේ? හරියට අපි දෙන්න වගේම... "
" මං නන් වෙනස් වෙලා නෑ. තාම මම ඉස්සර තරම්ම හැන්ඩ්සම් හරිද "
සූයොන්ව විහිළුවකට ගත්ත ටේ එහෙම කියලා යටිතොලත් හපාගෙන එයාගේ පැත්තේ ෂටර් එකෙන් එළිය බැලුවා. ටේ දන්නවා සූයොන් දැන් පොඩි ළමයෙක්ට වගේ ටේට බනින්න පටන් ගන්නවා කියලා.
" ඕහ්! ඔයා නන් ටේ... හරි ඔයාට වයස නෑ. හැබැයි ඔයාගේ දුවලා දෙන්නට දැන් විසි හතරක් ! නියමයි "
සූයොන් එහෙම කිව්වම ටේ බොරුවට කෙඳිරියක් පිට කරලා කාර් එකේ ස්ටියරින් වීල් එකේ ඔළුව ගහගත්තා. ටේට හිනා උන සූයොන් ටේගේ ඔළුවට හිමීට පාරක් ගැහුවා. කොච්චර වයසට ගියත් සූයොන් ඉස්සරහ පොඩි ළමයෙක් වගේ හැසිරෙන එක නම් ටේ නතර කරන්නෙ නැති වෙයි .
" මහන්සීයිද ටේ? ඔයා දැන් පැය ගානක් එක දිගට ඩ්‍රයිව් කරනවා "
තාමත් ටේගේ ඔළුව උඩ තියෙන අතින් සූයොන් ටේගේ කොන්ඩේ දිගේ එයාගේ ඇඟිලි යැව්වා.
" ම්හ්.. කොන්ද නන් ටිකක් රිදෙනවා . ගානක් නෑ. වෙලාව කීයද ලව් ? "
ටේ ස්ටියරින් වීල් එකේ ඔළුව තියාගෙනම ඔළුව හරවලා සූයොන් දිහා බැලුවා.
" රෑ දොළහටත් කිට්ටුයි. අපි ආව වෙලාව එච්චර හරි නෑ "
සූයොන් හුස්මක් පහලට දාලා එයාලට ටිකක් ඉස්සරහින් තද අඳුරක ගිලිලා තියෙන ගේ දිහා බැලුවම ටේ ස්ටියරින් වීල් එකෙන් ඔළුව උස්සලා ආයෙත් ෂීට් එකෙන් හේත්තු උනා.
YOU ARE READING
Not A Fairytale |Kth
Fanfictionසමහර ආදර කතාත් රෝස මල් වගේ. එකම විදිහේ එකම පාට එකම හැඩේ රතු රෝස මල්. ඒත් ගොඩක් අය නොදන්න ලස්සනම ආදර කතා මහ ගොඩක් හැංගිලා තිබ්බේ රෝස මලේ සිනිදු රතු පාට පෙති වලට යටින් තිබ්බ නපුරු කටු අතරේ... ඒවා වෙනස්. ගොඩක් වෙනස්. විස වලින් නම් කිසිම අඩුපාඩුවක් නැති...