22.

117 33 12
                                    

ටේ හිටියේ හොස්පිට්ල් එකේ වෝඩ් එකක් ඉස්සරහ තිබ්බ පුටුවක් උඩින් වාඩි වෙලා ඔලුව අත් දෙකට බර කරගෙන.

මේ වෙන දේවල් ටේට හිතා ගන්න බැරි උනා. එක පාරටම කවුරුහරි ඇවිල්ලා ටේගේ හැම දේම එයාගෙන් උදුරාගෙන ගියා කියලා ටේට හිතුනේ.ටේගේ ඔලුවට ලොකු බරක් දැනුනා.

" ටේ… "

ඒ ජිමින්.

කතා කලේ ජිමින් කියලා අඳුර ගන්න ටේට බැරි උනේ නෑ.ඒත් ඔළුව උස්සල  හැරිලා බලන්න ටේට ඕනේ උනේ නෑ.ටේ එහෙම්මම ඔළුව ගහගෙන හිටියා.

ටේගෙන් කිසිම උත්තරයක් නැති තැන ජිමින් ඇවිල්ලා ටේගේ එහාපැත්තෙන් වාඩි උනා.

" ටේයා…."

" ම්.."

ටේ ඕනෙවට එපාවට වගේ උත්තර දුන්නාම ජිමින් ටේගේ පහලට බර වෙලා තිබ්බ උරහිස වටේ එයාගේ අතක් යැව්වා.

" බලපන් ටේ..තාම ඔයා තෙත පිටින්.."

ජිමින් කිව්වෙ ඇත්ත.ටේ ඇඳගෙන හිටපු ඇඳුම්  මේ වෙනකොට වැහි වතුරෙන් විතරක් නෙවෙයි ලේ වලින් මඩ වලින් හොඳටම ජරාවෙලා තිබ්බා .

" කෝ ඔය ඔළුව උස්සන්න"

ජිමින් එහෙම කියන ගමන් බලෙන්ම ටේගේ ඔළුව ටේගේ අත් දෙකෙන් අයින් කරලා උඩට ඉස්සුවා.ටේ ඇස් කලින් දිය උන කඳුලු වලටම රතු වෙලා තිබුනා.

" ජ්…ජිමිනා.."

ජිමින් ටේගේ ඔළුව උස්සපු ගමන්ම ටේ ජිමින්ට තුරුල් වෙලා ඉකි බිඳින්න පටන් ගත්තා.ජිමිනුත් ආපිට ටේව තදින් තුරුල් කර ගත්තේ ටේගේ ඇඟේ තිබ්බ ජරාව ජිමින්ගේ  ඇඟේ ගෑවෙනවා නේද කියලා සත පහකට ගනන් ගන්නේ නැතුව .

හෙමීට පටන් ගත්ත ටේගේ ඉකි බිඳුම ලොකු ඇඬිල්ලක් වෙන්න ගියේ බොහොම පොඩි වෙලාවයි.

" අඬන්න එපා ටේ…"

ජිමින්ට වෙන මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරි උනා .ජිමින්ට දැනුනේ ලොකු අසරණ බවක්. ජිමින් දිගටම ටේව තුරුල් කර ගෙන ටේගෙ පිට අත ගෑවා.

" කො කොහොමද අප්පා එහෙම ලේසියෙන් අපිව දාලා ගියේ  ජිමිනා ?…"

Not A Fairytale  |KthWhere stories live. Discover now