10.

123 33 7
                                    


" ඔය එන්නෙ රස්තියාදු ගහලා ගහලා…"

ජින් සූයොන් ටේ තුන් දෙනා එයාලගෙ ගෙදර සාලෙට අඩිය තියනකොටම ඇහුනේ සේරාගේ බැනුම් සද්දේ.

"කොල්ලො රස්තියාදුවෙ නොයා ඉඳීද  ළමයි හම්බවෙන්න ඉන්න අයත් රස්තියාදුවෙ යනකොට…"

සාලෙ වාඩි වෙලා ටීවී එක දිහා බලන් ජියාත් එහෙම කියලා සූයොන්ට රැව්වා.තමන්ට නැති සූයොන්ට තියෙන සතුටට ජියා එයාගෙ මුලු හිතින්ම ඉරිසියා කලා.

" අපි ගිය රස්තියාදුවක් නෑ ජියා..කටට එන හැම එකම කියවන්න එපා."

ජින් කිව්වෙ ටිකක් තදින් .

" ජින් .."

ජින්ට කතා කලේ ඒ වෙනකොට වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා සාලෙ පුටුවකින් වාඩි වෙලා හිටපු එයාලගෙ අප්පා .

"අප්පා?"

" කොහෙද ගියේ?"

" අපි ජිමින්ලව බලන්න ගියා අප්පා.."

"දවසම?? "

"ටේටත් සෑහෙන්න කාලෙකින්නේ එයාලව හම්බඋනේ ඉතිං ටිකක් පරක්කු උනා අප්පා"

"සේරා මට කිව්වා එයා දවල් කෑමත් හදන් ගොඩක් වෙලා ඔයාල එනකන් බලාගෙන ඉඳලා බැරිම තැන කෑවා කියලා "

"ඔහ්..පව් සේරා ඔම්මා ..සොරි..."

ජින් කිව්වෙ නෝන්ඩියට හිනා වෙලා සේරා දිහා බලන ගමන් .

"අපි එන්න හිටියේ ඒත් එයාල බලෙන්ම දවල් කෑමට අපිව තියා ගත්තානේ"

" හ්ම්…දැන් යන්න… "

" හරි අප්පා …"

ජින් ටේ සූයොන් දිහා බැලුන ගමන් කිව්වා.

" අප්පා …"

පුටුවෙන් නැගිටලා යන්න හදපු ටේගෙ අප්පා අයෙත් වාඩි උනේ ටේ එයාට කතා කරපු නිසා. ටේගෙ අප්පා මොකුත් නොකියම ටේ දිහා බලාගෙන හිටියේ ටේ කතා කරනකන්.

" අප්පා මේකයි…මට ඔයාගෙන් දේකට කැමැත්ත ඕනේ.."

ටේගෙ අප්පා කතා නොකරම ඔලුව වැනුවේ ටේට ඕන දේ කියන්න කියලා .

Not A Fairytale  |KthWhere stories live. Discover now