15.

118 33 4
                                    

" අප්පා මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද ?"

ටේ ඇහුවේ රෑ කෑම ඉවර වෙලා සාලේ සෝෆා එකට වෙලා ටීවී බලන එයාගේ අප්පාගෙන්.

ජින් වගේම සූයොනුත් කාමර වලට ගිහින් හිටියේ දවසෙම ෆාම් එකට වෙලා ඉඳලා මහන්සි නිසා. කොච්චර එන්න එපා කියලා කිව්වත් තාමත් සූයොන් ජින් ටේ දෙන්නාගෙ පස්සෙන් ෆාම් එකට ඇවිල්ලා පොඩි පොඩි වැඩ වලට ඒ දෙන්නාට උදව් කලා.

ජියා වගේම සේරාත් පේන්න හිටියේ නැති නිසා ඒ දෙන්නත් කාමර වලට ගිහින් ඇති කියලා ටේ හිතුවා.

ටීවි එක වහපු අප්පා රිමෝට් එක පැත්තකට දාලා වාඩි වෙන්න කියලා ටේට එයාගේ ඉස්සරහින් තිබ්බ පුටුව පෙන්නුවා.

" කියන්න "

වාඩි වෙලා එයාගෙ මූණ දිහා බලන් ඉන්න ටේට අප්පා කිව්වා.කාලය ගත වෙනවත් එක්කම ටේගේ අප්පා ඉස්සර වගේම ටේ එක්ක කතා කරන්න පටන් ගත්තා. ඒ වගේම සූයොන් එක්කත් ටික ටික කතා කලා.

" අප්පා මේකයි.. "

" සූයොන් ගැනද?"

ටේගේ අප්පා ඇහුවේ ටේගේ කටේ තියෙන්නේ සූ ..සූ ..සූ… විතරයි කියලා මේ ටික කාලේට එයා තේරුන් අරගෙන තිබ්බ නිසා.

" නෑ අප්පා..ඇත්තටම මේක හියුන් ගැන.."

" ජින් ගැන ?"

" ඔව්"

" ජින් ගැන මොනවාද ?"

" හැබැයි අප්පා ප්‍රොමිස් වෙන්න ඕනේ මේ ගැන හියුන්ට මොකුත් කියන්නෙත් නෑ, හියුන්ට බනින්න යන්නෙත් නෑ කියලා හරිද"

ටේ කතා කලේ පොඩි කාලේ හිටපු ටේව අප්පාට ආපහු මතක් වෙනකොට. ටේ පොඩි කාලෙත් මොනවා හරි හොර වැඩක් කරනකොට ඔහොමයි.මුලින්ම කරන්නේ අනිත් කෙනාව පොරොන්දු කර ගන්න එක.

" විකාර කියවන්නේ නැතුව මොකක්ද කියන්න තියෙන්නේ කියලා කියන්න ටේහියොන් "

" අප්පා ඉන්හා වැඩ කරන තැන දන්නවා නේද ?"

" ඉන්හා කිව්වෙ ?"

" අයියෝ ජිමිනාගෙ වයිෆ් අප්පා "

" ආ…ඒ කෙල්ල. මට නම මතක් උනේ නෑ"

Not A Fairytale  |KthWhere stories live. Discover now