23.

112 33 14
                                    


" අපේ පැටියා හරිම චූටියි සූ…එයා රෝස පාටයි. හරිම සිනිදුයි. හරියට පුංචි රෝස පෙත්තක් වගේ. මට නන් මුලින්ම වඩා ගන්නත් බය හිතුනා. ජිමිනා තමයි ඉස්සෙල්ලම අපේ බබාව කොට් එකෙන් අත් දෙකට අරගත්තේ. එයාට ඉතිං පුරුදුයි නේ…"

සූයොන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති උනත් සූයොන්ගෙ ඇඳ ගාවින් වාඩි වෙලා සූයොන්ගෙ ඔලුව අත ගාන ගමන් ටේ දිගටම කතා කලා.මැෂින් ගොඩකින් වට වෙලා ජීවිත් වෙන්න සටන් කරන සූයොන්ගෙ රූපේ ටේට ගෙනාවේ කියා ගන්න බැරි තරම් වේදනාවක්.

" ජිමින් මට එයාව මගේ අතට දෙනකොට මට හිතුනේ මුලු ලෝකෙම මගේ අත් දෙක උඩට හම්බඋනා කියලා. ඇත්තටම ඒ හැඟීම හරිම අමුතුයි සූ..."

බබායි සූයොනුයි දෙන්නම තාමත් හොස්පිට්ල් එකේ.සූයොන් දැනට දවස් තුනක් තිස්සේ මෙහෙම. ඉන්හා ජූහි දෙන්නා මාරුවෙන් මාරුවට බබාව බලා ගන්නකොට ටේ මුලු දවසම වගේ හිටියේ සූයොන්ගෙ ඇඳ ගාවට වෙලා.

" අප්පාත් හිටියා නම් අද ගොඩක් සතුටු වෙයි සූ... මට දැන් තේරුන් ගන්න පුලුවන් අප්පාට මාව , හියුන්ව කොහොම දැනෙන්න ඇතිද කියලා .."

ටේ දැන් මේ සූයොන් එක්ක තනියම කතා කරන්නේ පැය ගානක ඉඳලා. බිත්ති ඔරලෝසුවෙන් වෙලාව රෑ එකොළහටත් කිට්ටුයි කියලා දැකපු ටේ ලොකු හුස්මක් පහලට දාලා සූයොන් දිහා බැලුවා. ටේ සූයොන්ගේ බෙඩ් ෂීට් එක සූයොන්ට හොඳට පෙරෙව්වා.

" ගුඩ් නයිට් සූ…"

සූයොන්ගෙ නළලින් හාදුවක් තවරපු ටේ සූයොන්ගෙ ඇඳ ගාව බිමින් වාඩි වෙලා සූයොන්ගෙ අතකින් අල්ලගෙන ඇඳට ඔලුව තියා ගෙන ඇස් දෙක පියා ගත්තා.ටේට ලොකු මහන්සියක් දැනුනා. ටේ මේ දවස් තුනටම හරියට නිදාගෙන තිබුනේ නෑ.ටේ ගුඩ් නයිට් කිව්වාම වෙනදා වගේ සූයොන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති එක ගැන ටේට දැනුනේ ලොකු දුකක්.

" ඉක්මනට සනීප වෙන්න මගේ සූ.. අපේ බබාට එයාගේ ඔම්මාව ඕනේ…"

ටේ ඇස් දෙක පියා ගත්තම ටේගේ පියවුන ඇස් වලින් ගලාගෙන ආව කඳුලු කැට දෙකක් සූයොන්ගෙ ඇඳ තෙත් කලා.

Not A Fairytale  |KthWhere stories live. Discover now