24.

125 35 21
                                    


" අනේ අඬන්න එපා සූ…."

" දැන් දවස් තුනක් ටේ! මට සිහිය ඇවිල්ලා දවස් තුනක්!! ඔයා කොහොමද මගෙන් එච්චර ලොකු දෙයක් හැංගුවේ ආහ්! "

සූයොන් එයාගේ ඇඳ විට්ටමට හේත්තු වෙලා හොඳටම අඬනවා.ටේ හිටියේ නවත්තන්නේ නැතුව ඉකි ගගහා අඬන සූයොන් සනසවන්න උත්සාහ කරන ගමන් . මේ දිහා ටේගෙයි සූයොන්ගෙයි චූටි බබාව වඩාගෙන ඉන්න ඉන්හා වගේම ජිමිනුත් බලාගෙන හිටියේ හරිම අසරණ විදිහට .

" සොරි ටේ… මගෙයි වැරැද්ද… මං එක පාරටම ජියාට උන දේත් එක්ක ෂොක් වෙලා හිටියේ. මට එකපාරටම ඇක්සිඩන්ට් එක ගැන කියඋනා."

චූටි බබාව ජිමින් අතට දුන්න ඉන්හා කිව්වෙ පසුතැවීමක් . වුන් සූයොන්ගෙ ඇඳේ පල්ලෙහා කෙලවරකින් වාඩි වෙලා හැමෝගෙම මූනු දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් හිටියේ සිද්ධ වෙන දේ තේරුන් ගන්න බැරුව.

" ඔයාගේ වැරැද්දක් නෑ ඉන්හා ..ඔයා ඇයි සොරි කියන්නේ.. ඔයාට ඔහොම හරි කියවුනේ නැත්තම් මං තාම මෙතනට වෙලා කල්පනා කරනවා අප්පා අපේ බබාව බලන්න ආවේ නැත්තේ ඇයි කියලා .."

සූයොන් කිව්වෙ දිගටම එයාගෙ ඇස් වලින් කඳුලු බේරෙනකොට.

" සූ මං …. "

" කතා කරන්න එපා ටේ.. මට ඔයා එක්ක හරි කේන්තියි "

සූයොන් කිව්වෙ අහක බලා ගන්න ගමන් .

" ටේට බනින්න එපා සූයොන්. ඔයත් හිටියේ හොඳ තත්වෙක නෙවෙයි නේ.. අපි හැමෝම තමයි කතා උනේ ඔයාට හොඳ වෙනකන් මේක ඔයාට නොකිය ඉමු කියලා "

බබාවත් තුරුල් කර ගෙන ජිමින් කිව්වෙ අන්තිමට කොහෙවත් යන දෙයක් නිසා ටේ සූයොන් දෙන්නා රණ්ඩු වෙයි කියලා . මීට කලින් කවදාවත් සූයොන් ටේට මෙහෙම තද විදිහට කතා කරනවා ජිමින් දැකලා තිබ්බේ නෑ.

" අනිත් එක ඔයා දැනගත්‍තා කියලා අමුතුවෙන් මොකුත් වෙනස් වෙන්නේ නෑනේ සූයොන්. බොරුවට ඔයා කලබල වෙලා දැන් වගේ අඬන්න ගන්න එක විතරයි වෙන්නේ.."

ජිමින් එහෙම කිව්වම සූයොන් ටේ දිහා බැලුවා . ටේ ඇරලා තිබ්බ ජනේලෙකින් ඈත බලාගෙන හිටියේ හිස් හැඟීමකින්.

Not A Fairytale  |KthUnde poveștirile trăiesc. Descoperă acum