03.

185 49 19
                                    

ටේ දිහා සූයොන් ඇරෙන්න අනිත් හැමෝම පුදුමෙන් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා.

"ශා ටේහියොන් ශා! ඔයා සෝල් ගිහින් මාර වීරයෙක් වෙලානේ. කෙල්ලෙක් මදිවට ප්‍රෙග්නන්ට් කෙල්ලෙක්ම එක්කන් ඇවිල්ලා... වාව්!!"

ජියා සූයොන් දිහා බලාගෙන අත්පුඩි කීපයකුත් ගැහුවා.

"වචන පරිස්සමෙන් ජියා! මේ මගේ වයිෆ්. එයා ගාව ඉන්නේ මගේ දරුවා."

ජින් ටේ නිසා අද පුදුම වෙන එකේ ඉවරයක් නෑ. මුලින්ම අවුරුදු පහකට පස්සෙ එක පාරටම ටේ ගෙදර ආවා.ඊට පස්සෙ එක පාරටම අඳුන්වලා දුන්නු ටේගෙ වයිෆ් සූයොන්! දැන් ටේගේ දරුවෙකුත්!

"ඔයා ඔය කියන්නේ ඇත්තමද ටේ? සූයොන්..."

"කවුද දන්නෙ ගේ අස්සට රිංග ගන්න බොරු කියනවද කියලා "

සේරා එහෙම කිව්වම ටේගේ ඇස් කේන්තියටම රතු වෙලා ගියා.

"මේක කොහොමත් මගේ ගෙදර තමයි සේරා ඔම්මා. මගෙ අප්පායි හියුනුයි ඉන්නෙ මෙහෙනේ. අනිත් එක මගේ දරුවා පාවලා දීලා මෙහේ නතර වෙන්න තරම් මම අමුනුස්සයෙක් නෙවෙයි  "

එතකොට ටේගෙ අප්පා?

එයාගේ පොඩි පුතා අප්පා කෙනෙක් වෙන්න යනවා! ටේගෙ අප්පාගේ හදවතට දැනුනේ හරි අමුතුම හැඟීමක්. එයාට එක පාරටම මතක් උනේ එයාගෙ ලොකු පුතා ජින් නිසා එයා මුලින්ම අප්පා කෙනෙක් වෙන්න යනවා කියලා දැන ගත්ත දවස.

"ජින්…"

"අප්පා..."

" ටේට එයාගේ කාමරේ පිළිවෙළක් කර ගන්න උදව් කරන්න "

ටේගෙ අප්පා ටේ දිහා නොබලම දිගටම කතා කලාම සේරා ඇස් දෙක ලොකු කරගෙන අප්පා දිහා බැලුවා .

" ටේහියොන් මෙහෙන් යනකොට තියලා ගිය විදිහටම කාමරේ තාමත් ඇති. ඔයාලා දෙන්නට කැමති කාලයක් මෙහේ ඉන්න පුලුවන්"

" අ අප්පා …"

ටේ එයාගේ අප්පට කතා කරන්න උත්සහ කළත් ඊට කලින් ටේගේ අප්පා කෑම මේසෙන් නැගිට්ටා.

"මම කාලා ඉවරයි. මේ දෙන්නටත් මොනවහරි කන්න ලෑස්ති කරලා දෙන්න සේරා. "

Not A Fairytale  |KthWhere stories live. Discover now