19.

102 34 8
                                    

ටේ සූයොන්ගෙ ඇස් දෙක එයාගෙ අත් දෙකෙන් වහගෙන සූයොන්ව එයාලගේ කාමරේට එක්කගෙන ආවා.

" සප්‍රායිස් !!! "

සූයොන්ගෙ ඇස් දෙකෙන් එයාගේ අත් දෙක අයින් කරන ගමන් ටේ කෑ ගැහුවා.

සූයොන් පුදුමෙන් බලාගෙන හිටියේ එයාට පේන දේ දිහා .

ටේ මුලු කාමරේම අලුතින් තීන්ත ගාලා.

සුදු පාටින් කාමරේම පාට කරලා ඒ සුදු පසුබිම පුරාම ටේ ලස්සන ලස්සන චිත්‍ර ගොඩක් ඇඳලා තිබ්බා.හැබැයි ටේ ඇඳලා තිබ්බ චිත්‍ර ඉස්සර ටේ ඇඳලා කාමරේ එල්ලලා තිබ්බ චිත්‍ර වලට වඩා ගොඩක් වෙනස් උනා.

මේ පාර ටේ බිත්ති වල ඇඳලා තිබ්බ ඒ චිත්‍ර සේරම පොඩි දරුවෙක් ආස වෙන විදිහේ ඒවා.පලතුරු පිරුණු ගස්, මල්, සමනල්ලු, කුරුල්ලෝ, එක එක සත්තු ,වලාකුළු විතරක් නෙවෙයි බිත්තියක එක කොනක ටේ ලස්සන දේදුන්නකුත් ඇඳලා තිබ්බා.. කොටින්ම ටේ එයාලාගේ ඇඳේ , අල්මාරියේ පවා ඒ වගේ පොඩි පොඩි චිත්‍ර ඇඳලා තිබ්බා.

සූයොන්ට හිතා ගන්න බැරි උනා මේ එයායි ටේයි ඉස්සර හිටපු කාමරේමද කියලා .ඒ තරමට ඒ කාමරේ ලස්සනයි. පිළිවෙලයි. පිරිසිදුයි.

" හරිම ලස්සනයි ටේ "

සූයොන් කිව්වෙ ටේව බදා ගන්න ගමන්.

" ඔයා ආසයිද? "

" ම්… ගොඩක්..ඇත්තටම මට හිතා ගන්න බෑ...එච්චර ලස්සනයි  "

" එහෙනම් මෙයාත් ආස වෙයි"

ටේ හිනා වෙලා සූයොන් බඩ උඩින් අතක් තිබ්බා.

" නැත්තම් ඉතිං. අනිවාර්යයෙන් ගොඩක් ආස වෙයි "

" එහෙනම් හොඳයි"

" මේකට තමයි නේද එතකොට උදේම අර තීන්ත බෝතල් පින්සල් එහෙම ඇදගෙන හිටියේ"

"  ම්…. සූ ඔයාට මහන්සියිද ? "

ටේ ඇහුවේ සූයොන්ව පිටිපස්සෙන් තුරුල් කර ගන්න ගමන් .

" මට මොන මහන්සියක්ද අනේ… මං හොඳට ඉන්හා එක්ක කකා බිබී හිටියා. ඔයාටනේ මහන්සි ඇත්තේ…"

සූයොන් කිව්වෙ එයාගේ බෙල්ලට බර වෙලා ඉන්න ටේගේ කොන්ඩේ අවුල් කරලා .

Not A Fairytale  |KthWhere stories live. Discover now