03 🌹

2.3K 209 56
                                    


සෑහෙන කාලෙක ඉදන් අදුරන මිනිස්සු දෙන්නෙක් වගේ රණ්ඩු කර කර ටෙරාන් අභිත් දෙන්නා පැයක් විතර යනකොට site එකට ආවා. අභිත් car එකෙන් බැහැල යනකොට paper bag එක seat එක උඩින් තිබ්බ ටෙරානුත් බැහැල අභිත් පස්සෙන් ගියා. තාම වැඩ පටන් අරන් නොතිබ්බ අක්කර දෙකක විතර ලොකු හිස් ඉඩමක් වුණ එතන එක පැත්තක කෙලවරක office එකත් අනිත් පැත්තේ කෙලවරේ වැඩ කරන මිනිස්සුන්ට නතර වෙන්න room වගයකුත් හදල  තිබ්බා.

"මන් office එක පැත්තට යනවා. වටේ ඇවිදල කරල කට්ටිය අදුර ගන්නවා. "

අභිත් office එක පැත්තට ඇවිදන් යනකොට ටෙරාන් බෝඩින් room පැත්තට ඇවිදන් ගියා. අවුරුදු 40ක විතර මනුස්සයෙක් එළියෙ ළිපක් බැදන් බතල තම්බනකොට අවුරුදු 25ක විතර කොල්ලෙක් පලවෙනි කාමරේ දොර ගාව බිම ඉදගෙන ලුණු මිරිසක් කොට කොට හිටියා. ඈත ඉදන් එන ටෙරාන්ව දැක්ක ගමන් ඒ මිනිස්සු දෙන්නම නැගිටල සරම් හදාගත්තා.

"මේ මහත්තයා "

"මම තමයි ලබන සතියෙ ඉදන් මේකෙ වැඩ බලන්නෙ."

40 ක් විතර උනු මනුස්සය අහද්දි ටෙරාන් හිනා වෙලා උත්තර දුන්නා.

"මහත්තයගෙ නම?"

"මම ටෙරාන්."

"ටෙරාන් මහත්තයා මංචනායක මහත්තයා එක්ක වෙන්න ඇති ආවේ."

"නෑ නෑ අභිත් මහත්තයා එක්ක ආවෙ."

"සුරේෂ් ඔය ප්ලාස්ටික් පුටුව ගෙනෙන්කෝ මහත්තයට ඉදගන්න."

මැදිවයසෙ පිරිමි කෙනා තරුණ කොල්ලට කියනකොට ටෙරාන් එයා කාමරේට යන එක නැවැත්තුවා.

"නෑ නෑ එපා අංකල් මෙහෙම හොදයි. ඔයාගේ නම සුරේෂ් එතකොට අංකල්ගේ නම?"

ටෙරාන් බිත්තියට හේත්තු වෙන ගමන් දෙන්න දිහාම මාරුවෙන් මාරුවට බැලුවා.

"මම රත්නෙ. අපි දෙන්නම ඇඹිලිපිටියේ මහත්තයෝ . මන්  ගමේ ඉදල එනකොට අත් උදව්වට මූවත් එක්කන් ආවා."

බතල වලද ලිපෙන් බාන ගමන් උත්තර දුන්න රත්නෙ කාමරේ ඇතුළට ගිහින් බෙලෙක් පිගන් 3ක් අරන් ආවා.

"මහත්තයලත් තාම දවල්ට කාල නැතුව ඇතිනේ බතල ටිකක් කමුද ?"

"අනේ එපා අංකල් එහෙම හරි නෑ නේ. "

අභිරන් | Sinhala BLWhere stories live. Discover now