18 🌹

1.4K 187 142
                                    


කෙලින්ම කාමරේට දිව්ව ටෙරාන් ඇදේ ඉදගෙන ආයෙම අභිත්ට call කරනකොට දෙපාර ring වෙද්දිම අභිත් call එක cut කරා. පපුව හිර වෙනවා වගේ දැනෙද්දි   මෙච්චර වෙලා ඇස් වල පිරිලා එළියට එන්න පොරකකා හිටිය කදුලු කැට ටෙරාන්ගේ කම්මුල් දිගේ පහලට ගලාගෙන ගියා.

අත් දෙකෙන්ම ඇස් දෙක පිහිද ගත්ත ටෙරාන් Phone එකත් off කරලා එහෙම්ම ඇදෙන් ඇලවුණා.

"මොකෝ මේ ආපු ගමන් සපත්තු වත් ගලවන් නැතුව ඇදේ පතබෑවිලා ඉන්නේ."

"ඔලුව රිදෙන්න ගත්තා අම්මේ."

ටෙරාන් ගාවම ඇදෙන් ඉදගත්ත අම්මා ටෙරාන්ගේ සපත්තු දෙකයි මේස් දෙකයි ගලවල දැම්මා.

"ඇග හෝදගෙන කාලම නිදාගන්න සුදූ."

"ටිකක් ඉදල එන්නම්."

"ඔලුවට තෙල් ටිකක් දාන්නද ?"

ඔලුව අත ගාන ගමන් අම්මා අහද්දි ටෙරාන් මූණ  තව ටිකක් කොට්ටෙට තද කරගත්තා.

"දැන් එපා. "

විනාඩි 10 ක් ඇලවෙනවා ඉන්නවා කියලා හිතලා ඇදට වැටුණු ටෙරාන් නැගිටිද්දි රෑ 7ත් පහු වෙලා තිබුණා.  මුනින් අතට පස්සත් උඩ දාන් නිදන් හිටිය ටෙරාන්ගේ පස්සට බොක්ෂින් පාරවල් දෙක තුනක්  ගහල පුදුම ගේමක් දීල ජානු ටෙරාන්ව නැගිට්ටව ගත්තත් ටෙරාන්ගෙ මූණ දැක්කහම ආතල් එකේ කෑ ගගහ හිටිය ජානු බය වුණා. ටෙරාන්ගේ ඇස් දෙක , මූණ ඉදිමිලා රතු වෙලා තියෙද්දි ටෙරාන් අඩල කියල තේරුනු  ජානු දොර අඩවල් කරල ඇවිත් ඇදේ ටෙරාන්ගේ එහා පැත්තෙන් ඉදගත්තා.

" අයියේ මොකද වුණේ ? තමුසෙ ඇඩුවද ?"

" නෑ."

" බොරු කියන්න එපා. කෝ බලමු උණද කියලා. "

ජානු නළලට අත තියල උණ බලද්දි හදද්දි ටෙරාන් ඒ අත ගසල දැම්මා.

"චස් ... ඕන්නෑ ... මට ඇති උණක් නෑ. "

" ඒ මටත් බොරු කියන්න එපා ඉතින්. මොකද වුණේ ? බොසා බැන්නද ? "

" නෑ... "

" නැත්තන් මොකද උනේ කියනවකෝ උදෙත් ඔයා හොදට හිටිය නේ."

" ඔලුව කැක්කුමක් ඇල්ලුව. දැන් shape. "

අභිරන් | Sinhala BLWhere stories live. Discover now