49 🌹

1.1K 141 182
                                    


කලින් chapter එකේ chess ගැන කිව්ව ටික තේරුන් නැති අයට ( මන් කිව්ව දේවල් වල අදහස විතරක් විස්තර කරන්නම් මොකද චෙස් කියන්නේ සංකීර්ණ ක්‍රීඩාවක් 🥲) 👇

"ම්ම්ම් නැහැ. kingට උනත් කරන්න දෙයක් නෑ බබා. එයත් queen ට යටයි. "
" ඒත් kingගේ value එක undefined නේ... "
" ඒත් එයාට තනියෙන් මුකුත් කරන්න බෑනේ බබා . හැබැයි අපිට kingව කිසිම වෙලාවක underestimate කරන්නත් බෑ.."

Chess වල ඉත්තොන්ට අගයන් තියනවා. Kingගේ අගය අනන්තයයි. Queenගේ අයට 9යි. ඒත් board එක ඇතුළේ power එක වැඩිම queenට කියල තමා සලකන්නේ . මොකද එක වරකදී kingව අදින්න පුළුවන් එක කොටුවයි ඒත් queenව ඕන තරම් කොටු ගාණක් අදින්න පුළුවන්.  ප්‍රතිවාදියාගේ King ඉන්න කොටුවෙත් ඉන්න බැරි කරලා වෙන කිසිම කොටුවකට අදින්නත් බැරි කරාම තමා චෙස් ගේම් එක ඉවරවෙන්නේ. ( චෙක්මේට් ) තමන්ගෙ kingව ආරක්ෂා කරගන්න ගමන් ප්‍රතිවාදියාගේ kingව කොටු කරගන්න ඕනේ. මෙතන අභිත් කියන්නේ තාත්තා ගැන එයාලට අවතක්සේරු කරන්නත් බෑ.. ඒත් අම්මා හැම වෙලේම තාත්තගේ පස්සෙන් ඉදන් තාත්තගේ තීරණ වලට බලපෑම් කරනවා කියන එක..

" ඒත් සුදූ සමහර වෙලාවට queenව බිල්ලට දීලා වෙන ඉත්තෝ දෙතුන් දෙනෙක් use කරලා check mate කරනවා නේ. "
" ඒත් මම play කරන හැම වෙලාවකම game එක end වෙනකන් මගේ queenව ළග තියාගන්නව රන්. "

සමහර වෙලාවල් එනවා game එක දිනන්න නන් අපිට කැමැත්තෙන්ම අපේ queenව කැපිලා යන්න ඉඩ දීලා අපි ගාව ඉන්න වෙන ඉත්තෝ use කරලා game එක end කරන්න වෙනවා. මෙතන රන් අහන්නේ මේ සෙල්ලම ඉවර වෙද්දි එයා දවසක කැපිලා යයිද කියලා වගේ දෙයක් . ඒත් අභිත් කියන්නේ එහෙම දෙයක් වෙන්න එයා ඉඩ දෙන් නෑ කියලා.

" ඔව් ඔව් ඔයාගේ තමයි. ඒත් දැන් මෙතන වෙන්නේ බබා මෙයාලා එකතුවෙලා අපිව චෙක්මේට් නොකර චෙක් කර කර අපිව පිස්සු වට්ටන්න try කරනවා. අපිට අපිවම එපා කරවන්න , අපේ අවධානේ වෙනස් කරන්න , අපේ හැම මූව් එකක්ම එයාලගේ වාසියට හරව ගන්න. "

චෙක් කරනවා කියන්නේ king ඉන්න කොටුවට attack කරලා එයාව වෙන කොටුවකට අදින්න සලස්සන එකට. මෙතනදි එක දිගටම king අදින අදින කොටුවට අපි අපේ ඉත්තෝ use කරලා attack කරන්න ගත්තාම ප්‍රතිවාදියා අවුල් යනවා. Kingව ආරක්ෂා කරගන්න බැරි වෙයි දැන් චෙක් මේට් වෙයි දැන් වෙයි වගේ feeling එකක් එනවා. දැන් අභිත්ගේ අම්මා පවා එයාලට එයාලව එපා වෙන්න එක එක සෙල්ලම් දානවා. ඒකයි අභිත් ඔතන කියන්නේ.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now