10 🌹

1.6K 185 85
                                    

ටෙරාන් අභිත් දෙන්නා site එකෙන් පිට වෙලා ටික වෙලාවක් යනකොට ටෙරාන්ට අම්මගෙන් call එකක් ආවා.

" සුදු පුතා.."

"කියන්න අම්මේ."

"අද නංගි මොකක්ද වැඩකට යාලුවෙක්ගේ බෝඩිමක නවතිනවලු. මටයි මල්ලිටයි විතරක් කන්න ගෙනාවම ඇති කියන්නයි කතා කරේ."

" විකාරද අම්මේ සුදූට ගෙදර එන්න කියන්න."

" මේ වෙලාවට මේ පැත්තට එන බසුත් නෑලු සුදු මහත්තයා. "

"අම්මා ඉන්නකෝ මන් කතා කරන්න."

Call එක cut කරපු ටෙරාන් අනිත් අතට නංගිට call එකක් ගත්තා.

" හෙලෝ කොහෙද ඉන්නේ ?"

" campus එකේ අයියේ."

" මෙච්චර රෑ වෙනකන් මොකද ?"

"Group assignment එකක් අයියේ."

"ඒ රෙද්ද වල් වලින් වැඩක් නෑ දැන් ගෙදර එනවා."

" පිස්සුද අනේ මේ වෙලාවට එන්න බසුත් නෑ. අනික හෙට රෑ 12 ට deadline. තමුසෙට තේරෙන් නෑ නේ campus එකේ වැඩ. "

" අනේ මේ මගේ යකා අවුස්සන්න එපා. තමුසෙ විතරක් නෙමේ නේ group එකේ ඉන්නේ හෙට උදේම යනවා. දැන් pick me එකක් දාන් ගෙදර එනවා. හැබැයි මන් එද්දි ගෙදර ඇවිත් හිටියේ නැත්තන් මන් campus එකට එනවා. "

" මොන යකෙක් වැහිලද ?"

" pick me දාලා මට screen shot එකක් දානවා."

"හ්ම්ම් "

" තාම 7 යි නේ තව රෑ වෙන්න එපා. දැන්ම එන්න සුදූ. මන් අද special කෑමකුත් ගේනවා. "

" හ්ම් හ්ම්ම්..."

" පරිස්සමෙන් එනවා. බුදුසරණයි."

Car එක parking එකේ නවත්තගෙන ටෙරාන් phone එකෙන් ගෑ ගහන දිහා අභිත් හිනා වෙවී බලන් හිටියා.

" අහ් සර් අපි ආවද ?"

" මන් මේ බලන් හිටියේ ටෙරාන්ගේ කටේ සැර. "

"නැතුව බෑ නේ සර්. නංගි යාලුවෙක්ගේ බෝඩිමක නවතින්න හදනවා. මන් ආස නෑ . ඇත්තමයි ගොඩක් ළමයි ඕවගෙ ඉන්නකොට වැරදි වලට නිකම්ම පෙළඹෙනවා. තාත්තත් නැති එකේ මට වගකීමක් තියනව නේ එයාල ගැන බලන්න. මොකක් හරි උනාට පස්සේ හූල්ල හූල්ල ඉදල වැඩක් නෑ නේ."
"අනේ අම්මේ මේ අර මාව බදාගෙන අඩපු හොටු කොල්ලමද ? මොනා උනත් කෙල්ලටත් පොඩ්ඩක් ජීවිතේ විදින්න දෙන්න ටෙරාන්. අවුරුදු 4 නේ ඉතින් ."

අභිරන් | Sinhala BLWhere stories live. Discover now