05 🌹

1.6K 190 69
                                    

අද site එකේ වැඩ පටන් ගන්න මුල් ගල් තියන දවස. අලුත්ම ලා නිල් පාට ෂර්ට් එකක් ඇදපු ටෙරාන් කරන්න වැඩ කෝටියක් විතර පැවරිලා තිබුණු නිසා ගිය දවස් දෙකටත් වඩා උදෙන් ගෙදරින් එළියට බැස්සා .

උත්සවේ තියෙන්නේ උදේ 11 ගාණකට උනත් ටෙරාන් 8 ට යනකොටත් office එකේ ඔක්කොම වගේ ඇවිත් හිටියා. 9.30 විතර වෙනකොට මංචනායක සර්ගේ කාර් එකෙනුයි සිතූ අක්කගේ කාර් එකෙනුයි Mother company එකේ managersලත් ඔක්කොම වගේ ආවා. ඔක්කොම ආවත් තාමත් අභිත් සර් දැක්කේ නැති එක ටෙරාන්ගේ හිතට ලොකු අඩුවක් වුණා .

එදා අභිත් කියන එක අහන්නැතුව බස් එකේ නැගල ගිය නිසා තාමත් අභිත් තමන් එක්ක තරහ ඇති කියල හිතුණත් ඒක අද එන් නැතුව ඉන්න තරම් හේතුවක් නෙමෙයි කියන එකත් අභිත් සර්ට තමන් නිකන්ම නිකන් එක සේවකයෙක් විතරයි කියන එකත් ටෙරාන් තමන්ගේ මොලේට මතක් කරලා දුන්නා.

මොනා උනත් අද අභිත් සර් අනිවාරෙන්ම එයි කියලා හිතපු ටෙරාන් වැඩ ඔක්කොම අමතක කරලා නියපොත්තකුත් හප හප office එකේ දොර දිහාම බලන් හිටියා. 'මොනා උනත් ඒ මගේ සර්නේ මූ මල පැනල මාව රස්සවෙන් අස් කරොත් වත් කෝකටත් අද ආවම සමාව ගන්න ඕනේ.' විකාර සිතුවිලි වල පැටලි පැටලි හිටිය ටෙරාන් black full suit එකක් ඇදල එන අභිත්ව දැකලා ඉදගෙන හිටිය පුටුවෙනුත් නැගිට්ටෙව්නා.

"Good Morning sir."

ඔක්කොටම කලින් ඉස්සරහට ගිහින් ටෙරාන් අභිත්ට කතා කරත් ටෙරාන්ට රැව්ව අභිත් Mr.මංචනායක ගාවට ගියා.

"මන් හිතුව වැඩේ ඉවර වෙනකන්ම එන එකක් නැති වෙයි කියලා. "

"මන් එහෙම කරන්නේ නෑ කියලා අප්පච්චි දන්නව නේ."

මංචනායක හිනා වෙලා පිටට තට්ටුවක් දාද්දි අභිතුත් හිනා වෙලා උත්තර දුන්නා.
උන දෙයින් හිත රිද්ද ගත්ත ටෙරාන් ෂෙනෙලි අක්කා ගාවට කිට්ටු වුණා.

ළග පන්සලේ හාමුදුවරු හත් නමක් වඩම්මවලා පිරිත් කියලා මුල් ගල් තියන චාරිත්‍ර ටික Mr. මංචනායක අතින්ම සිද්ද වුණා . ඊට පස්සේ හැමෝම ගියේ සශ්‍රීක විදියට ලෑස්ති කරල තිබුණු කැවිලි මේසෙට.

වැඩ කරන අයට සංග්‍රහය කලින්ම එළියට යවල තිබ්බ නිසා ලොකු මේසෙ වටේට office එකේ හැමෝම ඉදගත්තා. වැඩ කරන අයගේ කෑම ගැන බලන්න ගිය ටෙරාන් කෑම මේසෙ ගාවට එද්දි Mr.මංචනායකට එහා පැත්තෙන් අභිත්ට ඉස්සරහ පුටුව ටෙරාන්ට වෙන් වෙලා තිබ්බා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now