21 🌹

1.7K 188 279
                                    


ටෙරාන් දවසම අභිත් එනකන් බලන් හිටියත් office එකේ වැඩ ඉවරවෙනකනුත් අභිත් office එකට ආවෙ නෑ. මූණත් නරක් කරගෙන කාමරේට ගිය ටෙරාන් ඇදුම් මාරු කරන්න ලෑස්ති වෙනකොටම අභිත්ගෙ call එකක් ආවා.

" හෙලෝ."

" ටෙරාන් මන් තව පැයකින් එනවා. ඔයා ready වෙලා ගෙදර ගෙනියන දේවල් මොනා හරි තියනව නම් ඒවත් ලෑස්ති කරගෙන ඉන්න. "

" හරි. මේ සර් ? "

" ඕ කියන්න ?"

" මන් මේ මොකක්ද අදින්න ඕනේ ? නෑ.. මේ... මන් ඇහුවේ අපි කොහෙද යන්නේ ? "

" ඔයාට සහැල්ලු ඕන ඇදුමක් ඇදගන්න. Official ගමනක් නෙමේ නේ. "

" හරි... පරිස්සමෙන් එන්නෝ... "

"හරී. "

Call එක ඉවර උනු ගමන් bathroom එකට රිංගුව ටෙරාන් පැය බාගයක් විතර හොදට නා ගත්තා. Accident උණු දවසෙ අභිත් අරන් දුන්න light blue short එක ඇන්ද ටෙරාන් ඊයෙ රෑ අභිත් ගෙනත් තිබ්බ CK white shirt එක ඇදගත්තා. ඊයෙ අභිත් ගෙනත් තිබ්බ CK one gold perfume එකත් මුලු ඇගේම spray කරගත්ත ටෙරාන් අභිත් ගෙනත් තිබ්බ white colour slippers දෙකත් දාගත්තා.

ඊට අමතරව Birthday gift විදියට Nike shoes දෙකකුයි , Louis vuitton Belt එකකුයි අභිත්ගෙන් ටෙරාන්ට ලැබිලා තිබුණා. කවදාවත් මෙච්චර branded දේවල් පාවිච්චි කරල තිබ්බේ නැති ටෙරාන්ට තෑගි ටික දැක්ක ගමන් පණ යන්න ගියා. නංගිට තෑගි ඔක්කොම එකට තියල ගහපු photo එකක් whatsapp කරපු ටෙරාන් රෑම අභිත්ට call කරලා Thanks කරා.

ලෑස්ති වෙලා ඉවර උණු ටෙරාන් phone එකේ front cam එක on කරලා phone එක මේසෙ උඩින් තියල එයාගේ හැඩ බැලුවා.

ටිකක් දිගට වැවිල තිබ්බ තෙත කොණ්ඩෙත් නළලට වැටෙන්න හදපු ටෙරාන් එයාගේ perfect look එක දිහා ටිකක් වෙලා බලන් හිටියා.

" ඔය ඉන්නේ Branded කොල්ලෙක් වගේ . "

Phone එක අරන් සාක්කුවට දාගත්ත ටෙරාන් එයා ඔක්කොම බඩු දාගත්තද කියල ආයෙ පාරක් room එක වටේ කැරකිලා check කරා.

"  රන් මන් ආවා. එළියට එන්න."

අභිත්ගෙන් ලැබුණු call එකත් එක්ක lap bag එක කරට දාගත්ත ටෙරාන් rose bucket එක එක අතකට අරන් , තව තඩි side bag එකක් අරන් අනිත් අතින් එල්ල ගත්තා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now