57 🌹

811 135 111
                                    

ටෙරාන් කාමරෙන් එළියට ගිහින් ටිකකට පස්සේ අභිතුත් ටවල් එකත් කරට දාගෙන kitchen එක පැත්තට ආවා. heater jug එක on කරලා එතනම kitchen counter එකට හේත්තු වෙලා බිත්තිය දිහා බලාගෙන බර කල්පනාවක හිටපු ටෙරාන්ට අභිත් kitchen එකට ආව කියන එකවත් නොදැණුනා.

හිමින් සැරේ ටෙරාන් ගාවට ලන් වුණු අභිත් ටෙරාන්ගේ ඉණ දෙපැත්තෙන් එයාගේ අත් තද කරද්දි ටෙරාන් ගැස්සිලා ගිහින් මේ ලෝකේ සිහියට ආවා. එහෙම්ම ටෙරාන්ගේ ඉණ වටේ අත් යවපු අභිත් ටෙරාන්ව බැක් හග් කරන ගමන් ටෙරාන්ගේ උරහිසින් එයාගේ නිකට තිබ්බා.

"ඇයි මෙච්චර ගැස්සෙන්නේ... ම්ම්ම්... මගේ touch එකවත් අදුරගන්න බැරිද දැන් ?"

" නෑ... මම වෙන කල්පනාවක හිටියේ... "

" මන් දවස් ගාණක් තිස්සේ බලාගෙන. මොනාද ඔච්චරටම තනියම කල්පනා කරන්නේ.. මටත් කිව්ව නන් දෙන්නටම එකතු වෙලා කල්පනා කරන්න තිබ්බ නේ.. "

" වැදගත් දෙයක් නෙමෙයි. "

" වැදගත්ද නැද්ද කියල බලන්න මාත් එක්ක කියන්න බබා. තනියම ගන්න decisions වලට වඩා පවුලක් විදියට දෙන්නම එකට කතා බහ කරලා ගන්න decisions සාර්ථකයි කියලයි මම නන් හිතන්නේ. "

" ඉතින් ඔයා ගන්න හැම තීරණේම ගන්නෙත් මාත් එක්ක කතා කරලද අභූ... "

තාමත් ඔළුව බිමට නමාගෙනම ඉන්න ටෙරාන් අභිත්ගේ වචන වලින් අභිත්ට කට උත්තර නැති වෙන්නම ආපස්සට උත්තර දුන්නා. තප්පර ගාණකට නිහඩ වුණු අභිත් බර සුසුමක් පිට කරන ගමන් ටෙරාන්ව තවත් තද කරලා තුරුළු කරගත්තා.

" සමහර වෙලාවට අනිත් කෙනාට සිද්ධ වෙන හානිය අවම කරන්න අපිට තනි තීරණ ගන්න වෙනවා. "

" මොකක්ද හානිය ? කවුරු හරි ඔයාට තර්ජනේ කරනවද ? මට කරදර කරනවා කියලා බය කරනවද ? අහ්හ්... "

මෙච්චර වෙලා බිමට පාත් කරන් හිටිය මූණ උස්සලා අභිත්ගේ පැත්තට හැරුණු ටෙරාන් හරි කලබලෙන් අභිත්ගේ මූණ පුරා එයාගේ ඇස් අරන් ගියා.

" ඔයාගේ safety එක ගැන මට බය නෑ බබා. "

" ඒත් මට ඔයා ගැන බයයි අභූ... "

" මට කියන්න මුකුත් නැද්ද ?"

ඇගිලි දෙකකින් ටෙරාන්ගේ නිකටින් අල්ලලා මූණ උඩට ඉස්සුව අභිත් ටෙරාන්ගේ බයෙන් ගැහෙන ඇස් එයාගේ ඇස් මතම තියාගත්තා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now