04 🌹

1.8K 194 71
                                    

ටෙරාන් හා හා පුරා කියලා රස්සාවකට යන පලවෙනි දවස. ඉතින් උදෙන්ම ටෙරාන්ගෙ අම්මා office එකේ අයට ගෙනියන්නත් එක්කම කිරිබතක් හැදුවා. පලවෙනි  දවසෙම පරක්කු වෙලා යන්න බැරි නිසා ටෙරාන් අවුරුදු ගාණකට පස්සේ උදේ පාන්දරම නැගිටල ලෑස්ති වුණා. කණ්නාඩිය ඉස්සරහට වෙලා තමන්ගේ හැඩ බැලුව ටෙරාන් කිරිබත් පාර්සලෙත් අරන් ගෙයින් එළියට බැස්සා. 8.00 වෙනකොට ටෙරාන් office එකට එනකොටත් කීප දෙකෙන්ම ඇවිත් හිටියා. GM ළගට ගිහින් company එකෙන් එව්ව letter එක දෙනකොට GM හිනා වෙලා ටෙරාන්ව පිළිගත්තා.

"මට අභිත් සර් inform කරා ටෙරාන් ගැන අද ෂෙනෙලිත් එනවා. ෂෙනෙලි පැහැදිලි කරල දෙයි ටෙරාන්ට කරන්න තියන වැඩ."

"Ok Sir."

"ටෙරාන්ගේ Table එක තමයි CEO cabin එකට දකුණු පැත්තෙන් තියෙන්නේ ඒත් මන් නම් හිතන්නේ නෑ ටෙරාන්ට දවසට පැයක් වත් ඔතන ඉන්න පුළුවන් වෙයි කියලා."

ඒ ඇයි කියලා අහන්න ඕන උනත් GM ගෙන් අහනවට වඩා විස්තර ෂෙනෙලි අක්කත් එක්කම කතා කරන එක හොදයි කියල හිතපු ටෙරාන් කටවහගෙන හිටියා.

"ටෙරාන්ට අපි company එකෙන් Laptop එකයි sim එකයි දෙනවා ඒක දවල් වෙනකොට ටෙරාන්ට ලැබෙයි."

"Ok Sir."

"එහෙනම් ෂෙනෙලි ආවම වැඩ පටන් ගන්න. We believe Teran will be a loyal employee to the company."

GM නැගිටල ටෙරාන් එක්ක hand shake කරා. [ CEO Abhith Manchanayaka ] කියල ගහල තියන Cabin දොර දිහා බලලා කට ඇද කරලා තමන්ගේ table එක ගාවට ගිය ටෙරාන් Backpack  එක  table එකෙන් තියල එළියට බැස්සේ රත්නෙව හොයන් යන්න. ටෙරාන් ඒ පැත්තට යනකොටත්  රත්නෙ සුරේෂ් එක්ක තව හය දෙනෙක් මේසන් වැඩ වගයක් කරන ගමනුයි හිටියේ.

"Good morning රත්නෙ අංකල්."

"Good morning ටෙරාන් මහත්තයා."

"මේ අංකල් එදා කිව්ව ගමේ අනිත් අය වෙන්න ඇති."

"ඔව් මහත්තයෝ.  මේ තමා බන් ටෙරාන් මහත්තයා. මෙතන වැඩ බලන්නේ මේ මහත්තය තමයි."

රත්නෙ අනිත් අයට ටෙරාන්ව අදුන්වල දෙද්දි ඒ හැමෝම ටෙරාන්ව සුහද හිනාවකින් පිලිගත්තා.

"මේ ඔයාල කාලද ඉන්නේ මන් කිරිබත් වගයක් ගෙනාව ගේන්නද?"

"දැන් එපා මහත්තයා."

අභිරන් | Sinhala BLWhere stories live. Discover now