14 🌹

1.5K 180 120
                                    


"අනේ නවත්තන්නකෝ...."

" ආයේ උඹට සුදු මැණිකක් නෑ කට වහගෙන ඉදපන්."

" අනේ.........."

අභිත්ගේ අතට තව පාරක් ගහපු ටෙරාන් අඩාගෙනම seat එකෙන් ඔලුව තියාගනිද්දි පිටිපස්සේ හිටපු සුරේෂුයි සම්පතුයි කටවලුත් ඇරගෙන මේ නාට්ටිය දිහා බලාගෙන හිටියා.

" ඔයා කොහෙද bike එක ගිහින් දැම්මේ.... "

අභිත්ගේ පැත්තට ඔලුව හරවපු ටෙරාන් කදුලු පිහිද පිහිද ඇහුවත් අභිත් ටෙරාන් කියන දේවල් ඇහෙන් නෑ වගේ හිටියා.

" එහෙම කොහොමද ඔයා මගේ bike එක අරන් යන්නේ... මන් පොලීසි යනවා."

ටෙරාන් ඇගිල්ලකුත් දික් කර කර බනිනකොට අභිත් කට කොනින් හිනා වුණා.

" Complain කරන්න ඉතින් මොනාද ටෙරාන් ගාව තියන documents "

"ආ.... "

ටිකක් වෙලා කට කොනේ හිනාව දාන් ඉන්න අභිත් දිහා බලන් හිටිය ටෙරාන්ට එවෙලෙ තමා මතක් වුණේ බයික් එකයි යතුරයි එයාගාව තිබ්බට ඒ ඇරෙන්න වෙන කිසිම document එකක් එයා ගාව නෑ කියන එක.

" මං මංචනායක සර්ට complain කරනවා. ඔයා බලෙන් එයා දීපු bike එක ගත්ත කියලා. "

" හා "

"හුම්."

ආයෙමත් ටෙරාන් කෑ ගැහුවත් අභිත් සුපුරුදු don't care look එකෙන්ම ඉස්සරහ බලාගෙන drive කරා.

"සර්"

"මොකද?"

"නෑ."

නුගේගොඩ හංදියෙදි ටෙරාන් ආයේ අභිත්ට කතා කරත් අභිත්ගේ නොරිස්සුනු කටහඩ නිසා ටෙරාන් ආයෙ කටවහගත්තා. තමන් එක පාරට සැර වුණා කියල තේරුන අභිත් ඉක්මණට voice එක සාමාන්‍ය විදියට හරවගෙන ටෙරාන් දිහා බැලුවා.

" හරි හරි කියන්න. ටෙරාන්ට බඩගිනිද?"

" යන ගමන් මේ... මට short එකකුයි T shirt එකකුයි අරන් යන්ද ?"

" හරි."

එක අතකින් ටෙරාන්ගේ ඔලුව අත ගෑව අභිත් පාරෙ එහා පැත්තේ තිබ්බ Cool planet එක ඉස්සරහ car එක නැවැත්තුවා. තුන් දෙනාටම ටිකක් ඉන්න කියලා අභිත් තනියම cool planet එක ඇතුලට ගියා.

අභිරන් | Sinhala BLWhere stories live. Discover now